උණුසුම් පුවත්

18 න් ඌ රජ උනා 19 න් මම හිර උනා……….. ?

Spread the love

“18 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝදනයෙන් සිදු වුනේ මහින්ද රාජපක්ෂ ආඥා දායකයෙකු බවට පත්වීමත් 19 නිසා මමත් අගමැතිත් අතර විරසකයක් ඇතිවීමත්ය……. “

ඇමති සජිත් ප්‍රේමදාස ගේ නිවාස සංවර්ධන සංවත්සර උත්සවයට සුදු පැහැති සරමක් (ස්ථිරවශයෙන්ම ඇද සිටියාදැයි කිව නොහැක ඇද පැමිණි ජනාධිපති එසේ පැවසීය. ප්‍රථම වරට ” ඔබයි අපේ රජාණෝ……… මහරජාණෝ….” කියමින් රාජපක්ෂලාට මැරෙන තුරුම රටේ ධනය යහමින් හුරාකෑමට බලය ලබාගත 18 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අත පමනක් නොව ඇදසිටි සරමත් උස්සා දුන්නේ ඔය දැන් රෙදි ඇද ගෙන කතාකරන මෛත්‍රිපාලමයි.

එදා රටේ අගවිනිසුරුවරියව කණෙන් ඇද එලියට දැමීමට හැකි ලෙසට සියල්ලම කල පහරයකු රැගෙන පැමිණි චන්ද්‍රිකාලා රටේ ජනතාවට දිවුරා පොරොන්දු වු දේවල පිලිබදව මේ වනවිට සියල්ලම ගොළුය.
19 වන ව්‍යවස්ථාව සම්මත වනවිටම 18 වන ව්‍යවස්ථාව අහෝසි වන බවවත් නොදන්නා කාලකන්නි පිස්සෙකු රටේ ජනාධිපති යැයි ලෝක ප්‍රජාව දැන ගත්විට ඇතිවන්නේ අසීමිත් ලැජ්ජහවකි. එවන් සුන්දර අමන නායෙකු ගෙන් තවත් කුමක් නම් බලාපොරොත්තු විය හැකිද ….?

ලාංකීය ජනතාව ගේ පෙර පිණකට එක්සත් ජාතික පක්ෂයයේ නායක්ත්වය තුලින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නොවන්නට මේ වනවිට චතුරිකා අගවිනිසුරු පුටුවේත්, දහම් සිරිසේන නිතිපති පුටුවේත් හින්දවා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව මෛත්‍රිපාල ජනාධිපති රටකරවනවා නොවනුමානය.

යන්තම් එය වැලකී ගියේ රනිල් ගේ දේශපාලන නුවන නිසාමය ඒ පිලිබදව රනිල් වික්‍රම සිංහ අගමැතිවරයාට ජතියේම ආචාරය හිමිවිය යුතුය . එය එසේ නොවන්නට මේ වනවිටත් ලංකාව නැමති සුන්දර රට තුලට සාම සාධක හමුදාවන් පවා පැමිණීමට ඉඩ තිබුණි.

18 න් ඒකාධිපති යෙක් මැවු මෛත්‍රිපාල නැමති කුණ කටුවා වරක් ශ්‍රි දළදා මාලිගාව අභියස සිට දිවුරා කියා සිටියේ “මම තවත් සැරයක් මේ ජනාධිපති කමට තරඟ නොකරන අතරම මගේවිධායක ජනාධිපති තනතුරත් මින්පසුව අපි ඉවත් කරනවා…….”

 ඉතාම නුදුරේදීම ජනතා ශාපය ඔහුට ලැබීමට ඉඩ තිබෙන නිසාම විය යුතුය.

කෙසේ වෙතත් දැන් ජනතාවට තවත් එක් දෙයක් පැහැදිලිය රාජපක්ෂලා ,සිරිසේනලා එකම කාසියේ දෙපැත්තකි. මේ නිසාම මීළඟ ජනාධිපති වරණයදි ඉතාම බුදිධිමත්ව තම ඡන්දය පාවිච්චිකල යුතුය.

එසේ නොකලහොත් දැන් සේම තවත් වසර 70 ක්ම උන් ගේ වහලුන් සේ ජීවත්ව මැරීයා හැකිය .


Spread the love

Leave a Comment

You may also like