උණුසුම් පුවත්

බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම පිලිබඳව පරික්ෂණ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා එ තනින්ම පාතාලයට තිත තැබිය යුතුවා සේම ඊට වගකිවයුතු කළුතර බන්ධනාගාර අධිකාරි අත්වඩංගුවට ගතයුතුයි.

Spread the love

ලංකාව දැන් අංක එකේ පාතාලයන් සිටින භයානක රටක් බවට මෙම සිදුවිමේන් ලෝකය හදුනාගනී.                         මෙම කුරිරු ප්‍රහාරයෙන් පාතාලයන්ට අමතරව තම පවුල ජිවත් කිරිමට රැකියාව කල බන්ධනාගාර නිලධාරින් මියයාම බලවත් කණගාටුවට කරුණකි. මෙම ප්‍රහාරය දෙස බැලිමෙදි බන්ධනාගාර කොමසාරිස් ප්‍රථමයෙන්ම වගකිව යුතුයි. මෙවෙනි භයානක සැකකරුවන් පුවානයට පෙර ඊට අදාල පොලිසිය දැනුවත් කොට බන්ධනාගාර බස් රථය එන මාර්ගය හා අධිකරණ භුමිය අවට අවි සහිත පොලිස් නිලධාරින් නොයෙදුවේ මන්ද ?
කළුතර බන්ධනාගාර කොමසාරිස් වහාම අත්වඩංගුවට ගෙන ප්‍රශ්න කලයුතුය මෙවනි තත්වයක්       නිර්මානය කලේ ඔහුය. මියගිය ජිවිත වලට ඔහු වග කිවයුතුය. බන්ධනාගාර ඉතිහාසයේම මෙවනි බිහිසුනු අකාරයට මෙපමණ ජිවිත ගනනක් බිලිගත් සිද්ධියක් සිදුව නැත.
මෙම සිද්ධිය රජය ඉතාම සැහැල්ලු ලෙසට ගන්නවා නම් ඉතාම ළඟදිම දේශපාලකයෙකු ඝාතනය වු දාට නැති කොමිසම් දාගෙන නටනවා නොවනුමානයි.රටේ තුට්ටු දෙකේ දේශපාලකයන්ගේ ජිවිත පමණයි ජිවිත අහිංසක නිලධාරින්ගේ ජිවිත හා සිරකරුවන්ගේ ජිවිත ඔවුනට වටිනාකමක් නැති බව මෙම සිද්ධියේදි රජය ගන්නා ක්‍රියාමාර්ග වලින් මනාව පෙනියයි.


Spread the love

Leave a Comment

You may also like