උණුසුම් පුවත්

ජනාධිපතිට විරුද්ධව පොලිස්පති නඩුපවරයි

Spread the love

කිසිදු සාධාරණ හේතුවක් නොමතිව තමාව පොලිස්පති ධුරයෙන් ඉවත් කොට අනිවාරිය නිවාඩු යැවීම නිති විරෝධි බව ප්‍රකාශ කරන ලෙසට ඉල්ල පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි දිනකිපය තුල නඩු පැවරීමට කටයුතු කරන බවට අපවෙතට වාරතා වී ඇත.

පාස්කු ඉරිදා දින සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිලිබදව රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයෙන් දැනුම් දී තිබියදී ඊට නිස ක්‍රියාමාරග නොගනීම යන හේතු මත පොලිස්පති වරයාට චෝදනා එල්ල උවත් නිවරදි ක්‍රම වේදයට පොලිස්පති ඉවත් නොකිරීම සිරිසේන ගේ තවත් නොහැකියාවක් කියාපෑමකි.

සිරිසේන මහින්ද වීමට කලක පටනම තටමන බව අපි මීට අවස්ථා ගනනවකදීම පෙන්නාඇත්. එදා මහින්දලා සිය නියෝග ඉටු නොකරන පොලිස්පතිලාට පයින් ගසා එලවාදැමු බවසත්‍ය    උවත් අද ඒ දේවල කිරීමට සිරිසේනට බැරිය.

ඊට ප්‍රධානම හේතුව 19 ව්‍යවස්ථාව තුලින් ව්‍යවස්ථාදායක සභාව පිහිටා තිබීමය. ඒනිසාම පොලිස්පති,අගවිනිසුරු,හා විගනකාධිපති යන නිලතල වලට සියලුම පත්කිරීම ඉවත් කිරීම සියල්ලම සිදු කරන්නේ මේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.

මේ නිසාම පොලිස්පති ඉවත් කිරීම හෝ අනිවාර්‍ය විශ්‍රාම ගැන්වීම් ජනාධිපති ගේ කැමැත්තට කල නොහැකිය.

මෙයද සිරිසේන සිදුකර ඇත්තේ බරපතල වරදක් බැව්වින් පොලිස්පති ගේ නඩුපැවරීම යුක්තිසහගතය.


Spread the love

Leave a Comment

You may also like