උණුසුම් පුවත්

පාතාලය ගිනි කෙලියේ…… පොලිසිය මරනින්දේ…….?

Spread the love

නිතිය හා සාමය රැකීමට තිබෙන ප්‍රධානම ආයතනය අද ඉතාම අසරණ අඩියකට පත්ව ඇත. ඊට ප්‍රධානම වගකිව යුත්තා ඒ ආයතනය භාර පොලිස්පතිවරයාය. මෙය ඉතාම කනගාටුදායක තත්වයකි.
ඒ ඒ පුද්ගලයන්ගේ කුමන වැරදි තිබුනත් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රටේ ආරක්ෂාව පිලිබදව දැඩිව කටයුතු කිරිම හා පාතාලය මැඩ පැවැත්වීම ඉතාම ප්‍රශංසනීයයි. ලංකාවට දැන් යහපාලනය දොරේ ගලන ආකාරයක් පෙනියයි. මෙම පාතාලය මුලුමනින්ම අපේ පොලිසියට මැඩලිය හැකිය. ඊට ප්‍රධානම බාධකය කාලකන්නි දේශපාලනයයි.
පාතාලය සමග දේශපාලකයාට තියන බැදිම ගසයි පොත්තයි සේ පොත්තට ගස නැතුවත් ගසට පොත්ත නැතුවත් බැරි සේය. මේ පාහර දේශපාලකයො පාතාලය පෝෂණය කරන බවට සාක්ෂි එමටයි.කෙසේ වෙතත් නුතන යේ පාතාලය මැඩලිමට සිටින ඉතාම දක්ෂ හා අවංක නිලධාරියකු වන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රධාන නිලධාරින් පිරිසක් ඊට යොදවා වහාම මෙම පාතාල ගිනිකෙලිය නතර කලයුතුයි.
ඒ වගකිම ඉටු කිරිමට පුජිත ජයසුන්දර පොලිස්පති වරයාට බැරිනම් ඔහු ඉල්ලා අස්වි යායුතුයි. පොලිස්පතිවරයා තේරුම් ගත යුත්තේ මෙම ප්‍රශ්ණය පිරිත් කියා හෝ පිරිත්පැන් ඉහමින් කලහැකි වැඩක් නොවන බවයි.


Spread the love

Leave a Comment

You may also like