උණුසුම් පුවත්

ලේ සුවදට ඉව අල්ලන ලාංකීය දේශපාලණය දැන්වත් නතරකලයුතුය.

Spread the love

ජාත්‍යනතර ත්‍රස්තසංවිධානයක් විසින් අහිංසක ජනතාවක් ඉලක්ක කොට එල්ල කරන ලද බියගුළු ,නිවට ත්‍රස්තප්‍රහාරයෙන් මේ වනවිට 300 කට අධික ජනතාවක් මිය ගොස් හා 700 වකට වඩා වැඩි පිරිසක මාරාන්තික හෝ බරපතල තුවාල ලබාඇත.

මෙම මිලේච ත්‍රස්තප්‍රහාරය පිලිබදව අපි දැඩි අවධානය යොමුකොට ඒ පිලිබදව ඉතාම සමීපව විමර්ෂණය කොට බැලීමේදී පෙනියන ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය වේ.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අන්ත ජාතිවාදී නින්දිතම ත්‍රස්ත කන්ඩායමක් බවත් ඔවුන් මුස්ලිම් ආගම මුල්කරගෙන මිලේච ,ලේ පිපාසිත තිරිසන් ආකාරයේ මිනිසුන් මරාදමන සංවිධානයක් බව මුළු ලෝකයම මේ වන විටත් හදුනාගෙන හමාරය.

ඒත් ඒසංවිධානය එක්වරටම ආසියාතික රටක් වු ශ්‍රි ලංකාවම අදවැනි පාස්කු ඉරිදාවක්ම ඉලක්ක කලේ කුමන කරුනක් නිසාදැයි යන්න හා රටක් ලෙසට ඇති බුද්ධි මය තොරතුරු පිලිබදව ඇති වගකීම ගෙන කිරාමැන බැලීමේදි ශ්‍රි ලංකාව ඇත්තෙන්ම පාලනය කරන්නේ රටක් ලෙසටද නෝසේ නම අරාජික වු රාජ්‍යයක් ලෙසටදැයි ඉතාම හොදට පෙනීයයි.

මේ ත්‍රස්තපුහාරය පිලිබදව රටට ඉංදියාව විසින් අනතුරු අගවාතිබුනානන් ඊට ගත් ක්‍රියාමාරග ආරක්ෂිත උපක්‍රම මොනවාද ….? පාසකු ඉරිදාවක් ශ්‍රි ලාංකීය ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක්කලේ කාලකන්නි දේශපාලකයන් ගේ වරදින් බව එක හෙලාම කිවයුතුය.

ලෝකයේ අනාරක්ශිතම රට ලංකාව බවත් පාස්කු ඉරිදා සමරන කතෝලික බැතිමතුන් ඉලක්ක කලේ අනාරක්ෂිත භාවය හා ජාත්‍යන්තර දේශපාලණය යේ ගොදුරක් වීම නිසාබව මේ පිලිබදව හාත්‍රස්ත සංවිධානයේ හැසිරීම පිලිබදව විමසීමේදි ඉතාම හොදින් පෙනීයයි .

වර්තමාන ශ්‍රි ලංකා ආණ්ඩුව ඇත්තේ ණයට හිගාකමින් එක්තරා චින ගැති රාජ්‍ය පාර්ශික කදවුරකට කොටුවීය. ඒ ත්ත්වයට රට ඇද දැමු කාලකන්නි ඉතිහාසය ඇත්තේ රාජපක්ෂලාටය රටේ දේපල කුනුකොල්ලයට විකුණමින් ,කෝටි ,ප්‍රකෝටි ගනන් කොමිස ගසමින් රට්ම චීන කොළ ණියක් කිරීමේ අන්තිම ප්‍රතිපලය වුයේ රටේ ජනතාව බිලිවීමය.

වර්තමාන රනිල් මෛත්‍රි ආණ්ඩුව ඉතාම අකර්මන්නිය වු රාජ්‍ය පාලනයක් ගෙනියන තවතවත් චීන සරණං ගච්චාම්මී කරණය වු බව අමුතුවෙන් කිවයුතු නැත.

සේදමාවත නැමති හැන්ගුන ආකර්ශනීය වචන වලට මුවාවී ඇත්තේ ලෝක යුද්ධවල සෙවනැලි බව රටේ අමන ජනතාවට කිසිම අවබෝධයක් නැත.

සේදමාවතක් නොඉවසන තවත් ජාත්‍යන්තරයක් ලෝකයේ සාමයේ අරුනැලි යට සැගවුන ගිනිපුපුරු බව දේශපාලක්යන් ඉතාම හොදින් දනිතත් එය රටේ ජනතාවට සගවා උන්ගේ බඩ ගෝසතරවාදී කටයුතු කරමින් ඔවුන් ඉතසතුටින් ජීවත්වේ.

මේ කාලකන්නි දේශපාලකයන් ගේ අන්තිම සතුට මළ මිනීමතින් තම දේශපාලනය කර ගෙන යාමය. ජනාධිපති මෛත්‍රි 2015 මහින්දරාජපක්ෂට විරුද්ධව ගෙනා ආකර්ශනීයම සටන් පාඨය ප්‍රගීත් එක්ල්නැලිගොඩලා, ලසන්තලා හා ගෝඨාභයලා මරාදැමු අයවලුන් ගේ මිනිමරුවන් අල්ලන බව ජනතාවට සපත කිරීමය.

ඒත් අවසානයේ සිදු වුයේ මිනිමරුවන් සමග මෛත්‍රි ලැගුන් ගැනීමය , දැන් සිදුවන්නේත් ලේ පිපාසිත රාජපක්ෂලා මේ ප්‍රහාරයේ මළ මිනිමතින් ඉදිරි දේශපාලණයට පිබුරුපත් සැකසීමය.

දැන් වත් ජනතාව බුද්ධිමත්ව ජාතිවාදි කාලක්න්නි අදහසවලින් තොරව ශ්‍රි ලාංකීය පුරවැසියන් ලෙසට එකට සිතිය යුත්තේ දේශපාලක්යන් ගේ පටු ජාතිවාදි උවමනාවන් ඉටුකරන පිරිසක් වෙනවාද ….?

නෝසේනම් සිංහල මුස්ලිම් දෙමළ සියල්ලම ශ්‍රි ලාංකිකයන් ලෙසට එක්ව බඩ ගෝසතර වාදී දේශපාලකයන් පන්නා දමා රටට ඇත්තටම ආදරේ කරන රට පාලනය කරන පිරිසක් ඇතිකරනවාද යන්න මේ වන විට ශ්‍රි ලාංකීය ජන්තාව හමුවේ ඇති අභියෝගයක් බව අපි ඉතා වගකීමෙන් පවසමු.

මිලේච්ච ත්‍රස්තප්‍රහාරයට ගොදුරු වු සියලුම ලාංකීය පුරවැසියන්ට අප ගේ සංවේගය පල කරන අතරම පටු ආගම් ,ජාතිවාදි අදහස් වලට ඉඩ නොතබා බුද්ධිමත්ව සිතා සාමකාමිව ආරක්ෂක අංශවල වගකීමට පුරවැසියන් ගේ සහයෝගය ලබාදෙන ලෙසට ඉතා කාරුණිකව අපි ඔබෙන් ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like