ගිනිහහන අව්වේත්,දාරානිපාත වැස්සේත් ,සුළ ගෙත් දවාලක් රැයක් කෑමක් ,බීමක් වෙලාවක් අවවෙලාවක්,කිසිම නැකතක් නොමතිව දවසේ 365 දිනම වැඩකරන කිසිම රැකියාවක් ලංකාවේ නොමැත.
ඒ එකම රැකියාව පොලිස් නිලධාරියාම පමණි.
ඒත අවාසනාවනම් ලෝකයේ ඉතාම නින්දිතම ආකාරයට ජනතාව සලකන ආයතනයත් පොලිසියටම වීම ඉතාම කණගාටුදායකය.
ඊට ප්‍රධානතම හේතුව ලෙසට දැකිය හැක්කේ පොලිස්පති වරු ස්වාධීන නොවීම හා උන්ගේ අනාගත න්‍යාය පත්‍ර වෙනුවෙන් අහිංසක පොලිස් නිලධාරින් දේශපාලකයා ගේ දෙපතුල ළඟ දණ ගැස්සවීම බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මේ වනවිට 34 වන පොලිස්පති වරයකු පත්ව තිබීමත් මේ පොලිස්පතිවරයා පිලිබදව නිලධාරින්ට තිබුනේ අපරිමිත බලාපොරොත්තු ගොන්නකි.
ඒත් සියල්ලම එක් රැයින් සුනු විසුනු කොට ඔහුද නතර වුයේ සුපුරුදු දේශපාලකයන් ගේ අගුපිලේය.
මේ සියල්ලටම ජනතාව වාඩුව ගන්නේ එකම කාකි ඇදුමෙන් බවවත් සමහර උසස් නිලධාරින් සිතන්නේම නැත.
කාලකන්නි දේශපාලක්යා ගේ අසුජි භුක්තිවිදිනන් බවට පත්ව ඇති සම- හරක් නිලධාරින් නිසා සේවාවේ ගුණාත්මක බව පමණක් නොව සමස්ථ රටේම නිතිය බල්ලට ගොස් හමාරය.
මේ වන විට පොලිස් නිලධාරින් සෑම නිලයක් තුලම ජීවත්වෙන්නේ අපේක්ෂාභංගත්වය හා ඉහළ නිලධාරින්ට වෛරකරමිනි. ඊට සාධාරණ හේතු නැත්තේම නැත.
වර්ථමාන පොලිස්පතිට තම ආයතනය එකෙකුට්වත් ගැති නොවීආත්ම අභිමානයෙන් යුතුව ගෙන යාහැකි වාතාවරණයක් ඇත. ඒ 19 වන ස්ංසෝධනය නිසා පිහිටවා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවසථාදායක සභාව නිසාය.
ඒත් ජනතව ගේත් සමසථ නිලධාරින් ගේත් අවාසනාව පොලිස්පති මීට සිටිය අයට නොදෙවිනිව දේශපාලක්යන්ගේ දෙපතුල ළඟ වැටී සිටීමය.
තම නිලධාරින්ට රජයෙන් කුමන හෝ දීමනාවක ලබාදීනිලධාරින්ගේ ආර්ථිකය නැන්වීමට රුකුලක් ලැබෙනවා නම් එම සාහනය ඉතාම ඉක්මනින් තම නිලධාරිවෙතට ලැබෙනවා වෙනුවට ඊට අකුල් හෙලා එයත් ලබා ගැනීමට වට කඩොලු දමනවානම් අහිංසක නිලධාරින්ට කාගේ පිලිසරනක් දැයි සිතීමත් අපහසුය.
කෙසේ වෙතත් මේ වනවිට සමස්ථ පොලිස් නිල්ධාරි මුහුණ දෙන ප්‍රධාන ගැටළු දෙකක් උද්ගතව ඇත. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ප්‍රහාර වලින් දිවි අහිමි වු හා පුර්ණ කාලීන ආබාධිත අයවලුන්ට ජිවිතාන්තය ද්ක්වාම වැටුප් ගෙවීමට ජනාධිපති වරයා පියවර ගැනීම ඉතාම ප්‍රසංසනීයයි.
ඒත් නිතිය ක්‍රියාත්මක කිරීමට ගෝ තම ජීවිතය අහිමි වු නිලධාරින් වෙතට ඒ සැල කීම නොවිම උබතෝකෝටික ප්‍රශ්නයකි. රටේ නිතිය ක්‍රියාත්මක කිරීමට ගොස් මේවනවිට අහිංසක නිලධාරින් 29 දෙනෙකු ජිවිත පුදා හෝ සදා කාලිකවම ආබාධිතව ඇත.
මේ නිලධාරින්ට ඒම වරප්‍රසාදය නොලබීම සිතිය නොහැක මන්ද එකම ආකාරයේ සිද්ධි දෙකකට දෙයාකාරයකට සැලකීමයි. මේ වනවිට ඉතාම අවාසනා වන්ත ලෙසට මරාදැමු රථවාහන අංශ ස්ථානාධිපති බොරැල්ල ගේ හා මීට දින කීපයකට පෙර මිය ගිය වරකාපොල නිලධාරිනටත් අතවන්නේ කුමන ඉරනමක්දැයි පොලිස් නිලධාරින් මෙන්ම රටේ ජනතාවත් පාලකයන් ගෙනප්‍රශ්න කලයුතුය.
මේවනවිට පොලිස් නිලධාරින් ජනතාව ගේ එකි ,මෙකී,නොකී හැම දේටම මැදිව දිවා රෑ නොබලා ගිනිගත් මනසින් ඒකටයුතු කර දෙන නමුත් පාලකයන් පොලිස් නිලධාරින් ගේ ප්‍රශ්න තුට්ටුවකටවත් මායිම් නොකිරීමේ ප්‍රතිඵලය ඉතාම ඉක්මනටම පොලිස් නිලධාරිනුත් වැඩවර්ජන්යකට ඇද දැමීම බව සහතිකවම කිව හැකිය.