උණුසුම් පුවත් ගොසිප්

මිලානෝ කොන්සල් කාර්‍යාලයට අනුමත යුරෝ 4000 වෙනුවට පෝෂිත හා ප්‍රදීපා සේරම් යුරෝ 9000 ක් ඇත්තටම ගෙව්ව්ව්ද……..?

Spread the love

ශ්‍රි ලංකා රජය ආදායම් උපයන්නේ විදේශ ශ්‍රමිකයන් දහඩිය මහන්සියෙන් උපයන් ධනයෙන් වුවත් විදේශ ගත ශ්‍රිලාංකිකයන්ට තම රටෙන් ලැබෙන්නේ ඉතාම පහත් හා නින්දිත සැලකිලිය .

ඉන් ප්‍රධානම තැනක් ගනුයේ ඉතාලි මිලානෝ කොන්සල් කාර්‍යාලයයි.

විශාල ශ්‍රි ලාංකික ප්‍රජාවක් ජීවත්වන මිලානෝ වල පිහිටි කොන්සල් කාර්‍යාලය අඩුම තරමින් තම ජනතාව ගේ දුරකතන ඇමතිමට සවන් දීමටවත් ආචාර ශීලී නොවීම ඉතාම නින්දිතය.

මෙම කොන්සල් කාර්‍යාලය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලට රජයේ අනුමත ගෙවීම යුරෝ 4000 ක් උවත් මීට පෙර සිටි කොන්සල් නිලධාරි පෝෂිත පෙරේරා හා ප්‍රදීපා සේරම් යන අයවලුන් මේ වෙනුවෙන් යුරෝ 9000 ක රටේ සල්ලි ඇත්තටම ගෙවා ඇද්දැයි පරික්ෂා කොට බැලිය යුතුය.

පෝෂිත පෙරේරා මේ වන විට යවා ඇත්තේ කුවේට් රටේ ශ්‍රි ලංකා තානාපති සේවයට නම ඒ රටේ සිටින අහිංසක ශ්‍රි ලාංකික ජනතාවට දෙයියන් ගේම පිහිට පැතිය යුතුය.

විදේශ ශ්‍රමිකයන් උපයන් දෙයින් ජීවත් වෙන් ලාංකීය තුච්ච දේශපාලකයන් ඇත්තටම ලැජ්ජහ විය යුතුය .

ඒ විදේශියන් හි ජිවත්වෙන තම රටේ ජනතාවට හරියමන් සේවාවක් ලබාදීමට වත් මුන්ට නොහැකිවීම නිසාය.

මේ වනවිට ශ්‍රි ලංකාව පුරාම අස්සක් මුල්ලක් නෑරම උද්ගෝෂණ හා වැඩ වර්ජනය.

තම තානාපති කාර්‍යාල වලින් තවදුරටත් නිසි සේවාවක් නොලබෙනවා නම් මේ අහිංසක ජනතාව තවත් නම් නොඉවසන බව සහතිකය.

වැඩිකල නොයාම තම රටේ තානාපති කාර්‍යාලවලට විරුද්ධව ලාංකීය ජනතාව පාරට බසින දවස වැඩි ඈතක නොවනු ඇත.

මින් සිදුවන හානිය හැට පැනපු තිලක් මාරපනලා නොදන්නවා නොවේ ඒත් ඔවුන් මහළු නිසා මේ ප්‍රශ්ණ ඔවුන් ගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවනු ඇත……..අහෝ ශ්‍රි ලංකා මාතාව……??


Spread the love

Leave a Comment

You may also like