පසු ගිය 14 වන දින මහින්දරාජපක්ෂ හා රාජපක්ෂ පවුලේ සියලුම දෙනා එක්ව මීළඟ 2020 ජනාධිපති අපේක්ෂකතවය ගෝඨාභයට දුන් බවට ලංකාදීප පුවත්පත මුලින්ම වාර්තා කර තිබුණි .
අප මේපිලිබදව ජනාධිපති මෛත්‍රිපාල පාර්ශවය නියෝජනය කරන හිටපු ඇමතිවරු දෙදෙනෙකු ගෙන් කරුණු විමසීමේදී ඔවුන් කියාසිටියේ …” මේ වෙලාවේ සුදුසුම අපේක්ෂකයා අතිගරු ජනාධිපති තුමාමිස වෙනත් කෙනෙකු නොවන බවත්, මහජනයා තුල තවමත් සුදුවෑන් මරණ බිය තිබෙන නිසා ජනාධිපති අපේක්ෂක කමට කිසිසේත් ගෝඨාභය සුදුසු නොවන බවකි. ….”
එහෙත් විමල්,ගම්මන්පිල හා අළුත්ගම ගේලා යවන ප්‍රචාරය මේවනවිට ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙන නඩුවල විනිශ්චයකාරවරුන්ට අනිසි බියක් ඇතිකිරීමට මිස ඒ ප්‍රවෘතියේ කිසිදු සත්‍ය බව නොමති බව වැඩිදුරටත් ඔවුන් කියාසිටියාය.
රජයේ මුදල් කෝටි ගනන් හොරාකාපු ඕනෑම අයෙකුට ශ්‍රි ලංකාවේ ජනාධිපති දුරයට පවා තරඟ කලහැකි අරුම පුදුම රටකි.
පසුගිය මාසකීපයක සිටම ගෝඨාභයට විරුද්ධව රජයේ මුදල් වු කෝටි 11කින් තම දෙමාපියන් ගේ සොහොනක සෑදීම, රජයේ මුදල් සාපරාධි සාවද්‍යපරිහරනය යන චෝදනා යටතේ මේ වනවිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ නඩු විභාගවෙමින් තිබෙන ඇත.
මේ වනවිට ඒ නඩුවල විභාගය නිමවීමට ආසන්න නිසාම ගෝඨාභයගේ නඩු විභාග කරන විනිසුරුවරුන්ට අනිසි තර්ජනයක සිවරූපයේ මේන් අසත්‍ය පුවත් මවන බව තවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රභල ඇමතිවරයකු අපසමඟ පැවසීය.