අප රට ඉතිහාසයේ පටන් ආහාර පාන අතින් ස්වයංපෝෂිතව තිබුබව කියවේ .එයිනුත් මහ පැරකුම් රජ දවස අපරට බතින් බුලතින් සරුසාර වුයේ ඒසදහා රාජ ආන්ඩුව ලබාදුන් අනුග්‍රහය නිසාය.ලංකාවේ පලමු අගමැති ඩි එස් සේනානායක මහතා කෘෂිකරමය නගාසිටවිමට මෙන්ම වැව් අමුනු සාදා ගොවි ජනපද බිහිකිරිම සිය ආන්ඩුවේ ප්‍රමුකතාවය දුන්නේය . මිනිපේ අමුන ,අම්පාර සේනානායක සමුද්‍ර්‍ය ,මින්නේරිය වයාපාරය වැනි යෝද කෘෂි ව්‍යාපෘති බිහිකලේය අදටත් එම ව්‍යාපාර නිසා අප රටට මොනතරම් වී නිෂ්පාදනයක් එක්ව තිබේද .ඩඩ්ලි සේනානායක අගමැතිතුමාද කෘෂිකර්මය නගා සිටවිමට මහත් සේවාවක් ඉටුකල නායකයෙකි.සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ නායකත්වයේ ඇතිකල වගා සංග්‍රමය හොද පියවරක් වුවද එයින් ඇතිවු ආහාර හිගය ජනතාවට පිඩාවක් විය .
සම්ප්‍රදායක කෘෂිකර්මයෙන් ඔබ්බට ගොස් වාණිජ කෘෂි ප්‍රතිපත්තියක් ලෝකයේ වෙනස් විමට අනුව සකස් කලේ ජේ ආර් ජයවර්ධන ජනාධ්පතිතුමාය .කඩිනම් මහවැලි වැඩසටහන හරහා යෝධ ජලාශ 5 නිර්මානය කරමින් කෘෂි සංස්කෘතිය අලුත් කලේය මේ සදාහා ගාමිනි දිසානායක මහතා ලබාදුන් නායකත්වය අමතක කල නොහැක ඒ නිසාම වික්ටෝරියා ,රංදෙනිගල ,කොත්මලේ රංටැඹේ,උල්හිටිය හා මාදුරාඔය වැනි මහා ජලාශ බිහිවිය.නව ගොව්ජනපද බිහිවිය .එයින් නිපයෙන ගොවි නිෂ්පාදන නිසා රටට ආහාර අවශයතා සැපිරිනි.
පසුගිය රජය මගින්ද පොහොර සහනාධාරය ලබා දිම ගොවි නිෂ්පාදන ඉහල යාමට ඉවහල් වු බව සදහන් කල යුතුමය .
අපේ අවේනික කර්මාන්තය කෘෂිකර්මාන්තයයි අපේ ජිවනොපාය බැදි ඇත්තේ කෘෂිකර්මය පදනම් කරගෙනයි එම නිසා ආන්ඩුවක වගකිම කෘෂිකර්මාන්තය නගාසිටවිම මිස බිදවැට්ටිම නොවේ යැපුම් කෘෂිකර්මයෙන් ඔබ්බට ගොස් සිය කර්මාන්තය කරගෙන යාමට ගොවින්ට අතදිම කල යුතුමය එවිට ඔවුන් තවත් දිරිමත් වනු ඇත එසේ නොකලහොත් අපටද පිටරට වලින් කෑම ගෙන එන තුරු බලා සිටින්නට සිදුවනු නොවනුමානය
(මෙම චායාරුපය 1979 පඩුවස්නුවර පැවැති රාජ්‍ය වප්මගුල් උත්සවයේදි ගත් එකකි )
සටහන හා ඡායාරුප
තිස්ස අත්තනායක
එ.ජා.ප හිටපු මහලේකම්