71 වසරක් මුළුල්ලෙම නිදහස් කියා රට අල්ලා ගෙන කන සොර දෙටුවන් ගේ පම්පෝරි කතාවලින් නිමක් නැත.
මේ ලිපිය ලියන ලියුම් කරු ගේ මව පාසැල් යනකාලයේ දීත් ඇය “ශ්‍රි ලංකාව දියුණු වෙමින් පවතින රටකි . ” කියා අනේකවත් සිංහල ඒචනා ලියා ඇත ඇය වසර 64 සිට මේ වන විට මිය ගොස් ඇත
71 වසරක් යන තෙක්ම ආර්ථික ,සාමාජීය හා දේශපාලනික ලෙසට ඇත්තටම අපේ රට නිදහසක් ලබා තිබේ ද….? 1948 පෙබරවාරි 04 ලබාගත් දේශපාලන නිදහස ,ආර්ථික හා සාමාජීය ඉහල තලයකට ගෙන ඒමට එදා මෙදා තුර රට පාලනය කල කිසිදු පාලකයකයකු සමත්ව නැත.
රටක් තුල වාර්ගික ගැටළ ඇතිවන්නේත්, ආර්ථික අසමානතා නිසාම අභියන්තර කැරලි ඇතිවන බවත් සමාජ හා දේශපාලන විද්‍යාඥයන් ගේ මතයයි. එය සම්පුර්ණ සත්‍යක් බව ලාංකිය අපි දනිමු.
මේ වනවිට ඇත්තේ රට හුරාකන බොරු පම්පෝරි ගසන ජනතා ව ගේ මුදල් කොල්ල කන කොල්ල කල්ලියක ගෙන් රට බේරා ගැනීමේ අවස්ථාවයි.
පරම්පරාවේන් ,පරම්පරාවට රටේ ධනය හුරාකන මේ ගෝත්‍රවාදීන ගෙන් හා උන්ටම ආවඩන උන්ව අදහන අනුගාමිකයන් ගෙන් රට ගලවාගැනීමේ උපක්‍රම හා සැලසුම් සකස් කලයුතු කාලය උදා වී ඇත.
වසර 71 තිස්සේම ගොඩ නැගීම්ට යැයි කියමින් රටේ සම්පත් ලෝකයේ වෙනත් රටවලට උගසට තබා රටේ නුපන් දරුවන්ව පවා උගසට තබා හුරා කා උ ගේ පරම්පරාවල් ධන කුවේරයන් වී ඇති මේ හොර මුලින් ගලවා දමා ශ්‍රි ලංකාව නිදහස් කරගැනීමට ඇත්තටම රටට ආදරේ සියල්ලම එක්විය යුතුය.
71 වනි වසරටත් සන්නද්ධ රථ් පිරිවරාගෙන් පාලකයන් පම්පොරි ගසන්නේ රට ඇත්තටම නිදහස කර ගෙන නොවේ රට තවත් රටවල් වල කොලණි කර ය.
මේ වනවිට පාලක පක්ෂය හා මෛත්‍රිපාල ජනධිපති හිටපු ජනාධිපතිවරු හා අගමැති වරු ඇත්තටම නිදහස සැමරීම පැත්තකට දමා රට කා ජනතාව ණය උගුලකට දක්කන් යෑම ගැන සමාව ගත යුතුය.
ශ්‍රි ලාකීය ජාතියක් ලෙසට දැන්වත් ජාති ආගම්, පක්ෂ ,පාට බේදයකින් තොරව එකට එක්ව රට කන දේශපාලක්යන් ගෙන් රට මුදාගෙන එදාට ඇත්තටම “ලාංකීය ජාතියේ නිදහස සමරමු.”
අජිත්…