2017 පෙබරවාරි 04 වන දිනට තුන්වසරක් ගෙවන අප පුවත් පත එදා මෙදා තුර ගතකල කාලය ඇත්තටම ගල් ,බොරලු මැදින් ආ ගමනක්ය.
මෙම පුවත්පත අනිකුත් මාධ්‍යට වඩා සුවිශේෂ වන්නේම අප කිසිදු දේශපාලන පාට කන්නාඩියකින් ජනතාව ගේ ප්‍රශ්ණ දෙස නොබලන නිසාමය .
ජනතාවට කුමන හෝ ආකාරයකින් අවාසියක් ,හිංසාවක් හෝ පීඩාවක් වනනේ නම් ඒ සෑම විටම පක්ෂ දේශ පාලන යෙන් තොරව ජනතාව සමග අපි එකට හිට ගන්න නිසාමය.
ඒ හිට ගැනීමේ කොදු නාරටිය අප පුවත් පතට නිරන්තරවම ඇත. ඒ නාරටියට තවත් ශක්තියක් වීමට නිරන්තරවම මාහා එකට සිටින මාගේ මිතුරන් දෙදෙනා සිහිපත් නොකල හොත් එය මගේ හිතට වද දීමකි.
ඔබ වෙනුවෙන් තව,තවත් නුතන තාක්ෂණික මෙවලන් සමඟමේ ගමන යාමට අපි බලා සිටිමු.පාඨක ඔබේ ශක්තිය අප ගේ ශක්තියයි.
ඔබ වෙනුවෙන් නින්දා අපහාස , ගල් ,මල් සියල්ලම දරා ගෙන අපි තවතවත් ශක්තිමත්ව ගමන් කරන බවට පාඨක ඔබට සපථ කරමු.
ලංකා දවස ප්‍රධාන කතෘ