මගේ දොස් නැති අනේ මේ හිත
කඩා බිඳ ගිය නුඹෙ හිත
මටම ලස්සන උනත් වෙනෙකුට
පෙනීයන් වැදිරිය ලෙස
හොදම ගමනක් යන්න වූ විට
මූනෙ කුරුලෑ හට ගෙන
මගට යද්දී අනේ පෙනියන්
ඇදුමේ ඇන්දේ කනපිට
තියන හැම අඩියක්ම ගානෙම
බැඳපු කොන්ඩෙත් ගැලවියන්
මොකක් හෝ හේතුවක් හින්දා
සෙරෙප්පුවෙ පටි කැඩීයන්
දෙනෝදාහක් ඉදිරිපිට උඹෙ
හිසට බෙට්ටක් වැටීයන්
හෝද ගන්නට බලන හැම අත
වතුර බට ටික හිඳීයන්
ගෙදර කියනා එකෙක් දිනකදි
බඳින්නට වැඩ සිදු වෙයන්
ගෙවල් දොරවල් බලන්නට එන
දිනක සාරිය නැති වෙයන්
කොහොමහරි ඔය දීගෙ සිදුවෙන
තැනට කටයුතු සිදු වෙයන්
මගේ හරහට ඉදපු උන් හට
කාල් බාගෙන් මත් වෙයන්
දෙවුර මත නුඹ තියන්
සනසන්න බැරුවාට
මහ මෙරක් හිත දරන්
ආදරේ දැනුනාද
තිස්සෙමත් විඳි දුකින්
හිත ගොඩක් රිඳුනාද
නොකියනා මගේ ගැන
මැණික දන්නෑ නේද
පොදි බැඳන් කාරනා
හිත දුකින් තෙරපෙද්දි
කවුරුවත් නොපෙනනා
දුර ඈත මම යද්දි
මග තොටේ සිටි අයත්
අනේ සැර වැර වෙද්දි
නුඹේ පොඩි හුස්මකත්
දැනුනෙ දුක නොහිතද්දි
සෙනෙහස අරුත ගැන සැනසුම් සුසුම් හෙලා
දරු පෙම හුඟක් හැංගුනු පපු මතම තබා
රජ කම නැතත් රජ කෙරුමට හෙටක් මවා
අම්මා පසුව නුඹ මට ලොව මවක් උනා
රිදුනත් පපුව තනියම පිරි මැදගත්තූ
හැම දුක් සුසුම් නුඹ විතරක් විදගත්තූ
හිත නුඹ වෙහෙර සේ සන්සුන් කර ගත්තූ
මට නුඹ මවක් හැම පෝයට සිල් ගත්තූ
දරු සෙනෙහසට උපමා නුඹ ගෙන දුන්න
මට තව ඕන ඔය අත් මත නැලවෙන්න
කරදඩු උස් උනත් පුතු ලඟ හිනහෙන්න
ආසයි තාම ඔය දෙවුරේ දැවටෙන්න
නිර්මානය…….;
බුද්ධිකා සෙව්වන්දි…….