විශේෂාංග

ආසයි තාමත් ඔය දෙවුරෙ දැවටෙන්න…………….!!

Spread the love

මගේ දොස් නැති අනේ මේ හිත
කඩා බිඳ ගිය නුඹෙ හිත
මටම ලස්සන උනත් වෙනෙකුට
පෙනීයන් වැදිරිය ලෙස
හොදම ගමනක් යන්න වූ විට
මූනෙ කුරුලෑ හට ගෙන
මගට යද්දී අනේ පෙනියන්
ඇදුමේ ඇන්දේ කනපිට
තියන හැම අඩියක්ම ගානෙම
බැඳපු කොන්ඩෙත් ගැලවියන්
මොකක් හෝ හේතුවක් හින්දා
සෙරෙප්පුවෙ පටි කැඩීයන්
දෙනෝදාහක් ඉදිරිපිට උඹෙ
හිසට බෙට්ටක් වැටීයන්
හෝද ගන්නට බලන හැම අත
වතුර බට ටික හිඳීයන්
ගෙදර කියනා එකෙක් දිනකදි
බඳින්නට වැඩ සිදු වෙයන්
ගෙවල් දොරවල් බලන්නට එන
දිනක සාරිය නැති වෙයන්
කොහොමහරි ඔය දීගෙ සිදුවෙන
තැනට කටයුතු සිදු වෙයන්
මගේ හරහට ඉදපු උන් හට
කාල් බාගෙන් මත් වෙයන්
දෙවුර මත නුඹ තියන්
සනසන්න බැරුවාට
මහ මෙරක් හිත දරන්
ආදරේ දැනුනාද
තිස්සෙමත් විඳි දුකින්
හිත ගොඩක් රිඳුනාද
නොකියනා මගේ ගැන
මැණික දන්නෑ නේද
පොදි බැඳන් කාරනා
හිත දුකින් තෙරපෙද්දි
කවුරුවත් නොපෙනනා
දුර ඈත මම යද්දි
මග තොටේ සිටි අයත්
අනේ සැර වැර වෙද්දි
නුඹේ පොඩි හුස්මකත්
දැනුනෙ දුක නොහිතද්දි
සෙනෙහස අරුත ගැන සැනසුම් සුසුම් හෙලා
දරු පෙම හුඟක් හැංගුනු පපු මතම තබා
රජ කම නැතත් රජ කෙරුමට හෙටක් මවා
අම්මා පසුව නුඹ මට ලොව මවක් උනා
රිදුනත් පපුව තනියම පිරි මැදගත්තූ
හැම දුක් සුසුම් නුඹ විතරක් විදගත්තූ
හිත නුඹ වෙහෙර සේ සන්සුන් කර ගත්තූ
මට නුඹ මවක් හැම පෝයට සිල් ගත්තූ
දරු සෙනෙහසට උපමා නුඹ ගෙන දුන්න
මට තව ඕන ඔය අත් මත නැලවෙන්න
කරදඩු උස් උනත් පුතු ලඟ හිනහෙන්න
ආසයි තාම ඔය දෙවුරේ දැවටෙන්න

නිර්මානය…….;

බුද්ධිකා සෙව්වන්දි…….


Spread the love

Leave a Comment

You may also like