මේ තොරතුර ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීමට දායක වූ බොහෝ දෙනෙකුගේ සිත කම්පනයට පත් කරවන ප්‍රවෘත්තියක් විය හැකිය.එසේම මේ ප්‍රවෘත්තිය වඩාත් බරපතල ලෙස හදවතට දැනෙනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ යාවජීව සාමාජිකයන්ටය.
මේ සෑම කෙනෙකුටම මේජර් සේනාධිපති
අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙක් නොවේ.ඔහු රාජපක්ෂවරුන්ගෙන් ගොඩ ගිය කපටි ව්‍යාපාරිකයෙකි.විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වූ මේජර් සේනාධිපති හමුදා විශ්‍රාමිකයන් ගෙන් සමන්විත ඇවන්ගාඩ් නම් පැරා මිල්ටෙරි සේනාංකයක් පවත්වාගෙන ගියේය.රාජපක්ෂවරුන්ගේ බල ආධිපත්‍ය පැවැති සමයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වූ ගෝඨාභයගේ ඕනෑ එපාකම් වලට සිඳු කරන ලද අපරාධ සඳහා මැරවරයන් හයර් කර ගත්තේ මේ ඇවන්ගාඩ් ආයතනයෙනි.
ඒ දිනවල ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩ සටහනට සහභාගිවූ මේජර් සේනාධිපති
ජනතා විමුක්ති පෙරමුණ මෙරටින් තුරන් කිරීම සඳහා තමන්ගේ සන්තකයේ පවතින දේපොල වල වටිනාකමේ අන්තිම සතයද වැය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරුවේය.ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට සහභාගිවන පක්ෂයේ නායකයෙකුට පහර දීම සඳහා ඇවන්ගාඩ් ආයතනයෙන් යොදා තිබුණු මැරයන් කිහිප දෙනෙක් පිළිබඳව වූ සිද්ධියක්ද ඒ දිනවලදී වාර්තා විය.පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය ඉදිරිපිට ඇවන්ගාඩ් මැරයන් යොදවා උද්ඝෝෂණයක්ද පැවැත්විනි.ගාලු මුවදොර අරගලයට පහර දීමට බන්ධනාගාර ගතව සිටි නේවාසිකයන් යෙදවූයේද මේ මේජර් සේනාධිපතිය.මේජර් සේනාධිපති හා ජනතා විමුක්ති පෙරමුණ අතර වූයේ නයාට අඳු කොල තරමේ වෛරී සහගත ගණුදෙනුවකි.
එහෙත් සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි යැයි ජනවහරේ කියමනක් තිබේ.
මේවා පැරැන්නන් කීවෙි කට කහනවාට නොවේ.ජීවන අත්දැකීම්වලිනි.ජනතා විමුක්ති පෙරමුණට නයාට අඳුකොල සේ සිටි මේජර් සේනාධිපති මේ වන විට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරුන් දෙතුන් දෙනෙකුගේ කරට අත දාගන්නා මචං යාළුවෙක් වී ඇති බව අනාවරණය වී තිබේ.ලාල් කාන්ත අමාත්‍යවරයා දැන් ඇවන්ගාඩ් කාර්යාලයට ඉඳ හිට හෝ රිංගන්නේ ඒ යාළු කම හන්දා වෙන්නට පුළුවන.වෛරයෙන් වෛරය නොසන්සිඳේය යන දර්ශනික කියමන ගතහොත් මේ අළුත් යාළු කම ගැන කාට කාටත් සතුටු විය හැකිය.එහෙත් ප්‍රශ්ණය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ගොනාට අන්දා හොර රහසේ මේ යාළු මාළුෑ ගණුදෙනු පවත්වාගෙන යාමය.
ඒ යාළු කම් අස්සේ අපට වාර්තා වන්නේ මේජර් සේනාධිපතිගේ තවත් ජාවාරමක් ගැනය.අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් වරයා දත මිටි විකාගෙන මෙරට වංචා දූෂණ තුරන් කිරීමට සඳහා කටයුතු කරමින් සිටින වටපිටාවක ඇවන්ගාඩ් සේනාධිපති ගේ කූඨ ජාවාරම් තවමත් යාවත්කාළීනව පවත්වා ගෙන යාම මාරම විදියේ ප්රහසනයකි.එහිදී අපට සිතා ගන්නට වන්නේ අල්ලස් කොමිෂම තියා කෝප් එකටවත් මේජර් සේනාධිපති බය නැති බවය.දැන් ඔහු ජාජබ ආණ්ඩුවේ ප්‍රබලයන් සමග එකට කන බොන රෙන ගජයෙකි.ඒ ගැන ලැජ්ජා විය යුත්තේ අපය.ඒ ජාජබය බලයට පත් කරවීම සඳහා අපගේ ඇතමුන් ජීවිත අවදානම පවා උකසට තැබූ බැවිනි.
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීනයන් ගේ සංඟමය ඇතුළු මෙරට යුද හමුදා රෙජිමෙන්තුවල පිහිටි විශ්‍රාමික සංඟම් මේ වන විට මේජර් සේනාධිපතිගේ කූඨ ව්‍යාපාරික කෙමනට හසු වී තිබේ.ඒ ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ බව අපට දැන ගැන්මට ලැබී තිබේ.මේජර් සේනාධිපති චීනයෙන් අලෙවි කරන අධිබලැති යතුරු පැදියක් මේ වන විට අලෙවි කරමින් සිටී.ඔහු ඒ යතුරු පැදිය අලෙවි කිරීම අපට කිසිම ප්‍රශ්ණයක් නැත.
මෙම යතුරු පැදිය මිලයට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සංඟමය තම සාමාජිකයෙකුට ලක්ෂ දහයක ණය මුදලක් ලබා දේ.එහිදී සාමාජිකයන් තිදෙනෙකු එක් වී ඒ එකිනෙකාට ඇප වෙමින් ලක්ෂ තිහක ණය මුදලක් ලබා ගත යුතුය.මේ සංඟමයට අද දින බැඳෙන සාමාජිකයාටද මේ ණය මුදල ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.මේ සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේ මේජර් ජනරාල් අජිත් සියඹලාපිටියයි.ලේකම් කර්නල් ජයසේකරය.ඇවන් ගාඩ් මේජර් සේනාධිපති මේ සංඟමයේ සභාපති හා විධායක කමිටුව චීනයේ සංචාරයකට ගෙන ගොස් ඔවුන් වෙත සුර සැප දී ඇතැයිද වාර්තා වේ.ඒ මේ යතුරු පැදි ගණුදෙනුව ගොඩ දාගැනීම සදහාය.ත්‍රිවිධ
හමුදා විශ්‍රාමික සංගමයේ ලොක්කන් චීනයේ විඳි සුර සැප වල ආනුභවයෙන් මේජර් සේනාධිපතිට එම සංඟමය මෙතෙක් කාලයක් ගොඩ ගසා ගෙන තිබූ මුදල් ගිනුම තමන්ගේ සාක්කුවට දමා ගන්නට හැකි වී තිබේ.කෙසේ වෙතත්
මේ ජාවාරමට එම සංගමයේ ලේකම් කර්නල් ජයසේකර විරුද්ධ වීම නිසා ඔහු චීන සංචාරයට එක් කර නොගැනීමටද මේජර් සේනාධිපති කටයුතු කර ඇත.
සංඟමයට අල්ලස් දී සිය ව්‍යාපාරය ගොඩ දා ගැනීම ගැන නව අල්ලස් හෝ දූෂණ පනත යටතේ මේ පාර්ශවයන්ට චෝදනා නැගිය හැකිය.ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා මේ ගැන පවසන්නේ කුමක්ද යන්න ගැන දැනගැන්මට අප කැමතිය.
මෑතකදී මෙම යතුරු පැදි අලෙවි හලක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුව ඉදිරිපිට විවෘත කර තිබේ.එය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයාව ලෙස එක්වී සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය.
මේජර් සේනාධිපති වහසි බස් දෙඩුවේ තමන් අත තියෙන අන්තිම සතයද වැය කරමින් ජනතා විමුක්ති පෙරමුණ මෙරටින් තුරන් කරන බවටය.ඒත් දැන් නමි අපට සිතෙන්නේ ඔහුට ඒ සඳහා එතරම් මුදලක් වැය කරන්නට ඕනෑ නැති බවය.දැන් අපට දැන ගැනීමට ඕනෑ වන්නේ මේ කෙරුවාවන් ගැන ජනපති අනුර සහෝදරයාත් පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වාත් දැනුවත්ද කිය පමණය.