උණුසුම් පුවත් උණුසුම් පුවත්

සාරා ජීවතුන් අතර නම් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණය කරන්නට උපදෙස් දුන්නේ කවුරුන්දැයි අධිකරණය ප්‍රශ්ණ කරයි

Spread the love

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් 2019 අප්‍රේල් 26 වන දින සයින්ද මරුන්දු ප්‍රදේශයේ නිවසක සිඳුවූ පිපි⁣රීමෙන් මිය ගොස් නැති බවට ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබියදීත් ඒ සඳහා ⁣තුන්වැනි පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව ⁣මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි වාර්තා වේ.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින විමර්ශන ගැන කරුණු පසුගිය 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය දී ඇත.
එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ 2023 වස⁣⁣රේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මෙම තෙවන පරීක්ෂණය සිදු කිරීමට නියෝග කර ඇතැයි පැවසේ.එම නියෝගය හිටපු ජනපතිවරයා විසින් ලබා දී තිබේ නම් එය මුළුමනින්ම නීති විරෝධි ක්‍රියාවක් බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.එම නියෝගය වැරදි සහගත ක්‍රියාවක් බව තහවුරු වන්නේ නම්  එහි අපරාධමය වගකීම බාර ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ⁣මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් මෙහිදී නියෝග කර ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින විමර්ශන ගැන කරුණු පසුගිය 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය දී ඇත.


Spread the love

You may also like