හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරණ කාලයේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට ගිය සංචාරය පිළිබඳව පසුගිය දිනවල මෙරට සමාජය තුළ කතාබහක් නිර්මාණය වූයේ මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹීමෙන් පසුවය.
එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන ලද්දේ ඔහු ගේ එම සංචාරය නිල සංචාරයක් බවටය.රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි බොහෝ අයවළුන්ද එම සංචාරය නිල සංචාරයක් බවට අදහස් ප්‍රකාශ කළ අතරම ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ජාජබ ආණ්ඩුව කළ දේශපාලන පළි ගැනීමක් බවටද අවධාරණය කෙරිණි.
එහෙත් ඒ සියල්ලන් ගෙන ආ තර්ක කුඩු පට්ට්ම් කර දැමීමට සිවිල් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් සමත්වී තිබේ.
ඒ ඔහු බ්‍ර්තාන්‍ය තොරතුරු පනත උපයෝගි කර ගනිමින් වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගෙන ඇති තොරතුරු නිසාය
ඕෂල හේරත් බ්‍රිතාන්‍යයේ 2000 අංක දරන තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත (FOIA)යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයට එම විශ්ව විද්‍යාලයේ තොරතුරු නිළධාරිණී සෝපි එසන් (sophie Esson) විසින් 2026 පෙබරවාරි 27 දින පිළිතුරු සපයා ඇත.
ඕෂල හේරත් එම අයදුම්පත්‍රය සමග 2023 සැප්තැම්බර් 01 දිනැතිව වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපකුලපති රාෆ්ටරි විසින් අත්සන් තබා
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රී වික්‍රමසිංහ වෙත 2023 සැප්තැම්බර් 22 දින පැවැත්වෙන දිවා භොජන සංග්‍රහයකට ආරාධනා කෙරෙන ලිපියක්ද ජේඩ් ටයිම්ස් පුවත්පතක පලවූ වාර්තාවක්ද අමිනුම් ලෙස ඉදිරිපත් කර තිබේ.ජේඩ් ටයිමස් පුවත්පත් වාර්තාවේ පල වී ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ විශ්ව විද්‍යාල නායකත්වය සමග නිල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහභාගි වූ බවය.එම ලිපියේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනික සහයෝගිතාව ,ශිෂ්‍ය හුවමාරු හා පර්යේෂණ හවුල් කාරිත්වයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවට වැඩිදුරටත් සදහන් වී තිබුණි.ඕෂල හේරත් තම තොරතුරු අයදුම්පත මගින් 2023 සැප්තැම්බර් 22 හෝ ඊට ආසන්න දිනයක එවැනි සාකච්ඡාවක එවැනි රැස්වීමක් පැවැත්වූයේ නම් එම රැස්වීමේ නිල වාර්තා (minutes) න්‍යාය පත්‍ර හෝ අවබෝධතා ගිවිසුම් (Mous)තහවුරු කළ හැකිද යන්න ප්‍රශ්ණ කර තිබේ.එහෙත් විශ්වවිද්‍යාලයේ තොරතුරු නිළධාරිණිය සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලය සතුව එවැනි ලේඛන නොමැති බවය.කෙසේ වෙතත් ඕෂල හේරත් හේරත් විසින් එම අයදුම්පත සමග ඉදිරිපත් කර තිබූ දිවා භෝජන සංග්‍රහය ආරාධනා පත්‍රය යොමු කරන ලද්දේ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට බව විශ්ව විද්‍යල තොරතුරු නිළධාරිණිය සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ඕෂල හේරත් ගේ තොරතුරු අයදුම්පතට විශ්ව විද්‍යාල තොරතුරු නිළධාරිණිය විසින් ලබා දී ඇති පිලිතුරු වලින් තහවුරු වන්නේ හිටපු ජනපතිවරයාට වෙල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ආරාධනයක් කර නොතිබුණ බවය.එම උපාධි ප්‍රදානෝත්සවයට හිටපු ජනපතිවරයා සහභාගි වී ඇත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ කාලත්‍රයා ලෙසිනි.
මේ අනාවරණයත් සමග හිටපු ජනපතිවරයාගේ එම සංචාරය පෞද්ගලික සංචාරයක් බවට නිශ්චිතවම නිගමනයකට එළඹිය හැකිය.මෙහිදී ජනපතිවරයකු සිය ධුර කාලයේ නිරතවන සියළු පෞද්ගලික කාර්යයන්ද නිල කාර්යයන් ලෙසටද එහිදී පොදු මහජන මුදල් වැය කළ හැකි යැයිද තර්කයක් ගොඩ නැගිය හැකිය.ඒ තර්කය සාධාරණ වුවද රනිල් වික්‍රමසිංහ මේ සංචරයේදී වැය කර ඇති මුදල ගණන් හැදූ විට ඒ සාධාරණත්වය ගැන නම් ඇතිවන්නේ ඉවසාගත නොහැකි කේන්තියකි.ඒ මන්ද යත් හිටපු ජනපතිවරයා මේසා මුදලක් සිය පෞද්ගලික සුඛ විහරණයට භාවිතා කර ඇත්තේ රටේ පුරවැසියන් එදා වේල සොයා ගන්නට බැරි තරමේ අසරණව සිටි වටපිටාවක වීම නිසාය