උණුසුම් පුවත් උණුසුම් පුවත්

වරුණ ජයසුන්දර ගැන සැකයක් මතුවෙලා

Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිළධාරී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙත 2019 පෙබරවාරි 08 වන දින ලිඛිතව දන්වා ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ      ජමීල් ත්‍රස්තවාදී කටයුතු වලට කිසිදු සම්බන්ධතාවක් නැති අයෙක් බවය.විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිළධාරියා එවැනි ලිපියක් හිටපු පොලිස්පතිවරයා  යැවීම කවර හේතුවක් පදනම් කරගනිමින්ද යන්න මේ වන විට  විමර්ශනය කෙරේ.

ගනේමුල්ල සංජීව අළුත්කඩෙි අධිකරණය තුළ ඝාතනය වූ දින කෙහෙල්බද්දර පද්මේ හට විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිළධාරියා විසින් දුරකථන ඇමතුම් ගණනාවක් ලබා ගෙන ඇති බවටද හෙළි විය.විශේෂ කාර්ය බලකාය පාතාල ක්‍රියාකරිකයන් ගේ අවශ්‍යතාව මත පෞද්ගලිකව මිනිස් ඝාතනයන් කරන ලදැයි පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී ධුරයෙන් ඉවත් කිරීමට එම චෝදනා හේතු විය.

වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකා⁣යේ අණදෙන නිළධාරී ධුරයේ සිටින කාලයේ ගාල්ල දිස්ත්‍රක්කයේ බලපිටිය අම්බලන්ගොඩ රත්ගම ආදි ප්‍රදේශවල විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුම් වලදී කොස්ගොඩ සුජී පාර්ශවයට සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයන්ට එරෙහිව කටයුතු කිරීම සිදු නොකල බවට ⁣චෝදනා නැගිනි.

එක් අවස්තාවක අහුංගල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු කොස්ගොඩ සුජීගේ ඥාතිවරයෙකුට අයත් තුන් රෝද රථයක් පරීක්ෂා කිරීම ගැන වරුණ ජයසුන්දර එම සෙබළාට බැණ වැදුන බවත් වාර්තා විය.පසුව එම සෙබළා මන්නාරමට මාරු කර යැවීමට පවා කටයුතු කෙරිණි.


Spread the love

You may also like