හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂම මගින් පවරා ඇති නඩුව මාර්තු මස 20 වන දින කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කරන ලදී.
මෙම නඩුවේ දෙවන සැකකරුවන මහේෂ් ගම්මන්පිල නඩුව මේ කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටියේය.නඩුවේ පළමු සැකකරු වන හිටපු අමාත්‍ය මහින්දානන්ද
අළුත්ගමගේ මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කෙරිණි.
ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනය සඳහා නිත්‍යනුකූල අනුමැතිය දීමට පෙර ණය වර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130ක පාඩුවක් සිඳු කරන ලදැයි සැකකරුවන් හට චෝදනා ගොනු කර තිබේ.
හිටපු ඇමති මහින්දානන්දට එරෙහිව තව නඩුවක් කැඳවේ