2011 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් රජයට සිඳු වූ අතිවිශාල පාඩුව සම්‍බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂම පවරා තිබූ නඩුවෙන්
එම නඩුවේ චුදිතයන් නිදොස් කොට නිදහස් කර ඇතැයි සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
මෙම නඩුවෙි පළමු චුදිතයා වූයේ
හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාර්ඩ් කබ්රාල් වේ.අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව දූෂණ විරෝධී පනතේ 67(1)වගන්තිය අනුව එම කොමිෂමේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මත ඔහු නිදහස් කර ඇත්තේ නඩුව ඉල්ලා අස් කර ගන්නා දින සිට මාස 06 ක් ඇතුළත රජයට සිදු වී ඇති අලාභය වූ රුපියල් අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත් දහස් පන්සිය අනූ පහයි සත හැට පහක මුදලක් මහ බැංකුවේ ගිණුමට බැර කළ යුතුය යන කොන්දේසිය මතය.
අජිත් නිවාඩ් කබ්රාල්ට අමතරව තවත්
චුදිතයන් සිව් දෙනෙකුට එරෙහිව මේ නඩුව පවරා තිබුන නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව එම චුදිතයන් සිව් දෙනාට එරෙහි අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් මහාධිකරණය විසින් නිදහස් කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අල්‍ලස් හෝ දූෂණ කොමිෂම සඳහන් කර ඇත්තේ නඩුවේ චුදිතයන් “නිදොස්” කොට නිදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතත් එය සත්‍යයෙන් තොර බවය.
අජිත් නිවාඩ් නිදොස් කොට නිදහස් කර නෑ