උණුසුම් පුවත් උණුසුම් පුවත්

හර්ෂ ඉලුක්පිටිය වෙන්‍රවෙන් නීතිපති පෙනී සිටින්නේ නැහැ

Spread the love

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමයේ විද්යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට පැවරීමට එවකට පැවති අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙසට නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් ,පාඨලී චම්පික රණවක ,පාම රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරි 09 වන දින කැඳවන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 20 වන දින අචල වෙංගප්පුලි,

සම්පත් අබේකෝන්,සම්පත් වි⁣ජේරත්න  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවේ පලමු වග උත්තරකරු වන   හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බවය.

ඉන් අනතුරුව වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුකරය සඳහා රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බවය.

කෙසේ වෙතත් විගණාකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන නිර්දේශ වලට අනුව කටයුතු  කරන ලෙසට අදාල අංශ වලට උපදෙස් දී ඇති බව මෙහිදී අතිරේක නියෝජ්‍ය   සොලිසි⁣ටාර්වරිය අධිකරණයට දන්වා සිටියාය.                                                           

මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්‍සම්කාර පාර්ශවය කියා සිටින්නේ ආගමන විගමන ⁣දෙපාර්තමේන්තුව මගින් එතෙක් ක්‍රියාත්මක කළ විද්යුත් වීසා නිකුත් කිරී⁣⁣මේ ක්‍රියාවලිය ඉකුත් රජ⁣යේ අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කිරීම නිසා රජයට අති විශාල පාඩුවක් සිඳුවූ බවත් ඒ නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසය.                                                                                                                           


Spread the love

You may also like