උණුසුම් පුවත් උණුසුම් පුවත්

නාමල් ගේ පෙරකදෝරු පට්ටම ගැන සීඅයිඩී පරීක්ෂණ

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥ භාවය හා ඔහු එංගලන්තයෙන් ලබා ගෙන ඇතැයි පැවසෙන නීති උපාධිය පිළිබඳව සමාජය තුළ බරපතල කතා බවක් ඇතිවී තිබේ.ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නන්ගර ⁣විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයක්‍ මේ කතාබහට මුල් වී ඇත.කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥ භාවය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම⁣ට මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර කැඳවා ඇතැයි වාර්තා වේ.

අල්ලස,දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය නම් සංවිධානය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබා ගෙන ඇති නීතිඥ භාවය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මේ වස⁣රේ පෙබරවාරි 14 වන දා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර 

ඉන් අනතුරුව එම විමර්ශනය ගැන අප්‍රේල් 03 වන දා 42851/01/25 අංකය යටතේ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.එම කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය එම නඩුව බහා තබන ලද අනාවරණය වේ.

මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර විසින්

නාමල් රාජපක්ෂ විසින් ලන්ඩනයෙන් ලබා ගෙන ඇති නීති උපාධිය පිළිබව සිදු කරන ලද තොරතුරු හෙළි දරව් කිරීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගෙන නැවත අධිකරණය⁣ට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව පැවසේ.

.

නාමල් රජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට අයදුම්පත ඉදිරිපත් කරනු ලැබූ දින කාල වකවානුව තුළ ඔහු නීති උපාධිය ලබා ගෙන සිටි ලන්ඩන් සිටි යුනිවර්සිටි විශ්ව විද්‍යාලය මෙරට නීති විද්‍යාලය පිළිගත් විශ්ව විද්‍යලයක් නොවන බවද එහෙත් නාමල් රාජපක්ෂ විසින් නීති විද්‍යාලයට අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එවකට අගවිනිසුරු සුනිල් සිල්වා හා එවකට නීතිපති මොහාන් සිල්වාගේ මැදිහත් වීමෙන් එය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යලයක් බවට පත් කර ගෙන ඇති බවත් මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර සිය අනාවරණයේ සඳහන් කර තිබේ.

මේ වන විටත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලය වෙත ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගත් උපාධි සහතිකය ඉදිරිපත් කර නැති බවද මෙහිදී ඇය වැඩිදුරටත් හෙළි කර සිටී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත එල්ල වී ඇති මේ චෝදනා සත්‍ය බවට තහවුරු වුව හොත් කූඨ ලේඛනයක් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිඳු විය හැකිය.

පසුගිය 19 වනදා පාර්ලිමේන්තු⁣වෙදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය පිළිබඳව මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර තොරතුරු රාශියක් හෙළි කර ඇති බව හා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු බවය.

පසුගිය මැතිවණ කාල සීමාවේදී ජාජබයේ නායකයන් ගේ බරපතල වි⁣වේචනයට ලක්ව තිබුණු චිචීගේ රොකට් යැවීමේ සිද්ධිය ආණ්ඩුව බලයට පත් වීමත් සමගම අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරමින් සාධාරණීකරණය කෙරුවාය.

නාමල් රාජපක්ෂට එරෙහිව ජාජබය  විසින් ඉදිරිපත් කර ඇති ⁣මේ චෝදනාව තහවුරු කර ගැනීමට  නොහැකි වුව හොත් මෙය ආණ්ඩුව දෙදරා යන පාරා වලල්‍ලක් වනු  නිසැකය.


Spread the love

You may also like