උණුසුම් පුවත්

ප්‍රසන්න රණතුංග ඇරස්ට් කරලා

Spread the love

විදේශ ගතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් කෝවිඩ් සමයේදී මෙරටට ගෙන්වා ගැනීමේදී සිදු කරන ලද මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වන විටත් අත් හිටවු සිර දඬුවමක් විඳින වරදකරුවෙකි.ඒ බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී බාහිර පාර්ශවයකින් කප්පම් ඉල්ලා කළ තර්ජනයක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක තීන්දුවකට අනුවය.එම නඩු තීන්දුව අනුව හිටපු අමාත්‍යවරයාට අත් හිටවූ සිර දඬුවමක් දීම සම්බන්ධයෙන්ද සමාජය තුළ  ඒ දිනවල කතාබහට ලක් විය.                    


Spread the love

You may also like