උණුසුම් පුවත් උණුසුම් පුවත්

රනිල්ට එරෙහිව තවත් මූලික අයිතිවාසිකමි පෙත්සමක් විභාගයට ගැනේ

Spread the love

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ,භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්,නීතිපති හා තවත් වග උත්තරකරුවන් තිස් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට පසුගියදා (01)ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙන ලදී.

පසුගිය රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදනය කරන පොස්පේට් තොග සම්මත මිල ගණන් වලට වඩා අඩුවෙන් තමන් ගේ හිතවත් සමාගම්වලට අපනයනය කිරීම සඳහා ලබා දීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ,පරිසර යුක්ති කේන්ද්‍රයයි.

ජනක්ද සිල්වා ,ප්‍රියන්ත ප්‍රනාන්දු,සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මේ පෙත්සම විභාගය⁣ට ගැණිනි.

පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ  නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පවසන ලද්දේ එප්පාවල පෙස්ට්පේස්ට් නිධිය සමිබන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගයක්  උල්ලංඝනය කරමින් පොස්පේට් සමාගම පොස්පේට් තොග ලෝක වෙළඳ පොලේ ⁣පොස්පේට් සඳහා මෙට්‍රික් ටොන් එකක් සඳහා පවතින මිලට වඩා ඉතාම අඩු මිලකට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීමට වග උත්තරකාර පාර්ශවය කටයුතු කර ඇති බවය .මේ ⁣වෙළඳාම නිසා රජයටත් පුරවැසියන්ටත් විශාල ආර්ථික පාඩුවක් සිඳුවී ඇති බවත් පවසන ලද නීතිඥ රවීන්ද්‍ර දාබරේ අධිකරණය වෙත පෙන්වා දුන්නේ විෂය භාර අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය චාමර සම්පත් එම පෝස්පේට් තොග නිකුත් කිරීම සදහා අවශ්‍ය කෙරෙන බලපත්‍ර නිකුත් කරන ලෙසට භූ විද්‍යා හා පතල් කාර්යංශයට බලපෑම් කළ බවට තොරතුරු හෙළි වී ඇති බවය.

නඩුවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සළකා බැලීම ලබන වර්ෂයේ මාර්තු 09 වන දින විභාගයට ගැනීමට දින නියම කර තිබේ.


Spread the love

You may also like