මේ 2025 වර්ෂයයි.මීට අවුරුදු 12 කට පෙර සිඳුවූ සිද්ධියක් අපට මතක් කිරීමට සිඳු වී තිබේ.ඒ රාජපක්ෂවරුන්ගේ මෙලේච්ඡ ක්‍රියාකාරකම් ගැන අමතක නොකළ යුතු නිසාය.මේ සිද්ධිය සිඳු වූයේ 2023 අගෝස්තු 23 වනදාය.මෙදින ලීඩර් ආයතනයේ මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම පැහැර ගැනීමට ඇයගේ නිවසට පැමිණි සාහසික කණ්ඩායමක සිටි සාහසිකයෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව මාධ්‍ය විසින් වාර්තා කෙරිණි.එහෙත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබුණේ එම සාහසික කණ්ඩායම යුද හමුදාවේ සිංහ රෙජිමෙන්තුවේ සෙබළුන් පිරිසක් බවය.මෙම සෙබළුන් සේවයේ යොදවා තිබුණේ අධි ආරක්ෂිත කළාපයකය.
සිද්ධිය වූ අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ කදිරප්පුලිගේ ඉන්දික සම්පත් කුමාර නම් සිංහ රෙජිමෙන්තුවේ සෙබළෙකි.පසුව පොලීසිය මගින් අත් අඩංගුවට ගැණුන සෙබළුන් අතර සෙබල අංක 502721 කෝප්‍රල් උදයසිරි අසංක සෙබල අංක 418908 සෙබළ චන්දිමාල් කුමාර,සෙබල අංක 41890 සෙබළ රෝහිත ලක්ෂ්මන් හා සෙබළ විතාන ආරච්චිගේ ශාන්ත කුමාර යන අයවළුන් වේ.
මොවුන් මාධ්‍යවේදී මන්දනා ස්මයිල් ගේ නිවසට පැමිණ තිබුණේ සජින් වාස් ගුණවර්ධන විසින් ලබා දුන් අපරාධ කොන්ත්‍රාතුවකටය.ඔහු විසින් සෙබළ කණ්ඩායමට උපදෙස් දී තිබුණේ මන්දනා හෝ පවුලේ කිසිවෙකු හෝ මරා නොදමා ඇය සන්තකයේ තිබෙන ලිපි ගොනුවක් පැහැර ගෙන එන ලෙසය.එහිදී ඇය එම ලිපි ගොනුව ලබා දීම ප්‍රතික්ෂේප කළ හොත් ඇය පැහැර ගෙන විත් ඇයට වද දී එම ලිපි ගොනුව ඇත්තේ කොහිද යන්න හා එම ලිපි ගොනුව ලැබුණේ කාගෙන්දැයි දැන ගන්නා ලෙසටත් සජින් වාස් ගුණවර්ධන වැඩිදුරටත් සෙබළ කණ්ඩායමේ කෝප්‍රල් වරයාට උපදෙස් දී තිබුණි.
කිසියම් ව්‍යාපාරික ගණුදෙනුවකින් නාමල් රාජපක්ෂ විසින් කෝටි ගණනක කොමිස් ලබා ගැනීම හා සම්බන්ධ රහස් ලිපි ගොනුවක් මාධ්‍යවේදීනී මන්දනා ස්මයිල් අත ඒ වන විට තිබෙන බව රාජපක්ෂවරුන් දැනුවත්ව සිට ඇත.එම ලිපි ගොනුව පැහැර ගැනීමේ කොන්ත්‍රාතුව නාමල් රාජපක්ෂ විසින් පවරන්නේ සජින් වාස් ගුණවර්ධනටය.
සජින් වාස් ගුණවර්ධන විසින් එම කොන්ත්‍රාතුව පැවරූ සෙබළ කණ්ඩායමට
රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇති බවද පසුව හෙළි විය.සෙබල කණ්ඩායම බම්බලපිටියට ගෙන විත් බස්සවන ලද්දේද සජින් වාස් ගුණවර්ධනට අයත් ඩිපෙන්ඩර් රථයකිනි.අනතුරුව එම සෙබළුන්ට මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල්ගේ නිවසට යාමට තුන් රෝද රථ දෙකක්ද යොදා තිබී ඇත.
මන්දනා ස්මයිල්ගේ නිවසට කඩා වැදුන සාහසික සෙබළ කණ්ඩායමේ සැළසුම අවුල් වී යන්නේ ඇයගේ සැමියා විසින් ඔහුන් මුහුණ දී සිටින තර්ජනය පිළිබඳව පොලීසියේ 119 හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කළ නිසාය.එම පැමිණිල්ලට අනුව දැනුවත් වූ බම්බළපිටිය පොලීසිය මන්දනාගේ නිවසට ජංගම මුර රථයක් යවා ඇති අතර ඒ පිටුපසින් බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙනත් රථයකින් ගොස් තිබේ.එහිදී පොලිස් කණ්ඩායම් දැක ඇත්තේ මන්දනාගේ නිවසේ විදුලි පහන් දැල්වෙන බවය.ඉන් අනතුරුව ජංගම මුර රථයෙන් ආ පොලිස් සැරයන් වරයා ඇතුළු කණ්ඩායම නිවසේ පිටුපසින් නිවස වට කර ඇති අතර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එම නිවසේ ඉදිරිපසින් ස්ථානගත වී ඇත.
නිවසේ පිටුපසින් වට කර පොලිස් සැරයන් වරයා එහි තිබූ ජනේලයකින් හිස ඇතුළුට දැමූ විට නිවස ඇතුළේ සිටි සෙබළකු විසින් තියුණු ආයුදයකින් ඔහුගේ ගෙලට ප්‍රහාරයක් එල්ල කරන ලදී.පොලිස් සැරයන්වරයාගේ ගෙලට පහර දුන් සෙබළා නිවසේ පිටුපසින් පලා යාමට උත්සාහ කරන විට එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහුට වෙඩි තැබීමෙන් පසුව ඔහු එම ස්ථානයේම මිය ගියේය.පසුව සෙබළ කණ්ඩායම පොලිස් අත් අඩංගුවට ගැණිනි.
මෙය හමුදා සෙබළ කණ්ඩායමකගේ මංකොල්ලයක් බවට හඳුන්වාදීමට රාජපක්ෂවරුන් හා සජින් වාස් ගුණවර්ධන සැළසුම් කර ඇත්තේ ඉන් පසුවය.ඒ අනුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඒ රාජකාරිය පැවරුණ අතර ඔහු බම්බලපිටිය පොලීසියට නියෝග කර ඇත්තේ හමුදාවෙන් පැන ආ සෙබළුන් කණ්ඩායමක් නිවසක් මංකොල්ල කෑමට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගත් බවට සටහන් යොදන ලෙසය.එහි හාස්‍යජනක කාරණය වන්නේ මේ සෙබළුන් හමුදාවෙන් පලා ගොස් ඇත්තේ සිද්ධිය වූ දිනයට දින දෙකකට පෙර බවට සටහන් කිරීමය.
කෙසේවෙතත් නාමල් රාජපක්ෂගේ ගැලවීම සඳහා සජින් වාස් ගුණවර්ධන මෙහෙයවන ලද මේ සාහසික අපරාධ මෙහෙයුම අවසන් වූයේ සෙබළෙකුගේ ජීවිතය අහිමි කරමිනි.සෙබළුන් අත් අඩංගුවට පත් වූවද නාමල් රාජපක්ෂ හා සජින් වාස් ගුණවර්ධනට කිසිදු හිංසාවක් පීඩාවක් හෝ චෝදනාවක් එල්ල නොකෙරිණි.පොලීසිය විසින් සියල්ල යටපත් කෙරිණි.එහෙත් මේ අපරාධය නැවත විමර්ශනය කර සැබෑ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම මේ මාලිමා රජයේ වගකීම බව අපි සිහිපත් කරමු.