උණුසුම් පුවත් වෙනත් උණුසුම් පුවත්

අජන්ත රුද්‍ර⁣ගුගේ පුත්‍රයා කුඩු සමග අත් අඩංගුවට

Spread the love

සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රි⁣ගු ගේ පුත්‍රයා හොරොයින් සමග විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (10) අත් අඩංගුවට  ගෙන ඇති බව වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු පසු ගිය ආණ්ඩු සමයේ මෙරට පැවැති මහජන විරෝධතාවලදී විරෝධතා කරුවන්ට මෙලේච්ඡ ආකාරයෙන් පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලද පොලිස් නීළධාරියෙකි.2023 වසරේ ජුලි මාසයේදී කලු ජූලිය සිහිපත් කිරීම සඳහා කොළඹ පැවති මහජන උද්ඝොෂණයක⁣ට මෙම පොලිස් නිළධාරියා පහර දීම නිසා විශාල පිරිසකට තුවාල සිඳුවිය.එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩද තුවාල ලැබුවාය.

ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව අජන්ත රොද්‍රිගු මහජන සාමය අමාත්‍යංශයේ මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ  වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුවද එම පත්කිරීමට එරෙහිව නැගුන බරපතල මහජන විරෝධය නිසා ඔහු එම තනතුරෙන් ඉවත් කෙරිණි.


Spread the love

You may also like