උණුසුම් පුවත් උණුසුම් පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි පිල්ලෙයාන් විසින් මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බව වාර්තාවේ.

Spread the love

සිවනේසතුරෙයි පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද එම මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ ,සෝභිත රාජකරුණා,සම්පත් වික්‍රමසිංහ විසින් විසින් සළකා බලන ලද අතර එය විභාග කිරීම ඔක්තෝම්බර් 31 වනදාට දින නියම කරන ලදී.

නීතිපතිවරයා ,පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

සිවනේසතුරෙයි පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති රබීන්ද්‍රනාත් සුබ්‍රමනියම්  පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2006 වසරේදී කර ඇති පැමිණිල්ලකට අනුවය.එහෙත් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා විසින් සිවනේසතුරෙයි පිල්ලෙයාන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර ඇත්තේ පැමිණිල්ල කර වසර 20 කට පසුව සිය සේවාදායකයා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදනයන් මත සිවනේසතුරයි පිල්ලෙයාන් රඳවා ගෙන සිටීම නිසා ආණ්ඩුවට ඉදිරියේදී බරපතල අවාසිදායක වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි නීති විශාරදයන් පෙන්වාදී  තිබේ.එහිදී එම නීති විශාරදයන් අවධාරණය කෙරෙන්නේ කල් ගිය ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනතින් සිවනේසතුරෙයි පිල්ලෙයාන් රඳවා ගෙන සිටින්නේ ඔහුට  එරෙහිව පවතින චෝදනාවන් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති වීම නිසා යැයි සමාජ මතයක් ගොඩ නැගීමට ඉඩ හැකියාව පවතින බවය.


Spread the love

You may also like