වැලිකඩ බන්ධනාගාරය තුළ සිඳු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංඟම දුරකථන 06 ක් හා එම දුරකථන වලට සම්බන්ධ උපාංගයන්ද අත් අඩංගුවට ගන්නා ලද බව බන්ධනාගාර දෙපාරතමේන්තුව අනාවරණය කර තිබේ.
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය විසින් කළ මෙහෙයුමකදී එම දුරකථන හා උපාංඟ අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ සඟවා තිබුණ මේ දුරකථන හා උපාංග ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව පැවසේ.හිටපු ඇමතිවරුන් මහින්දානන්ද අළුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු වැන්නන් රඳවා සිටින්නේද මේ වාට්ටුවේය.
එසේම වැලිකඩ බන්ධනාගාරයෙන් ලැබෙන තොරතුරු වලින් පැවසෙන්නේ සිර දඬුවම් ලබා සිටින දුමින්ද සිල්වාට සති අන්තය ගත කිරීමට බන්ධනාගාර රෝහළට ගෙන යාම පුරුද්දක් ලෙස කරමින් පවතින බවය.
වැලිකඩ හිර ගෙදරින් ජංගම දුරකථන සොයා ගැනේ