උණුසුම් පුවත් උණුසුම් පුවත්

දේශබන්දු පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක

Spread the love

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයන් නෙරපීම සදහා අගෝස්තු මාසයේ 05 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සැළසුම් කර ඇති බව පැවසේ.

ඒ බව සදහන් වී තිබුණේ (27 )ඉරිදා ලංකාදීප  පුවත්පතේය.ලංකා දීප පුවත්පත වාර්තා කර ඇති ආකාරයට දේශබන්දු තෙන්නකෝන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශයක පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක වරයා ලෙස පත් කිරීමටද නියමිතය.

⁣අන්තර්ජාල ප්‍රකාශනයක සඳහන් වී තිබුණේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැළසුම් කර ඇති බවය.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාවට සමගි ජන බලවේගය පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බවද වාර්තා  වේ.


Spread the love

You may also like