උණුසුම් පුවත් උණුසුම් පුවත්

ටිරාන්ට හා දේශබන්දුට කප්පම් නොදීම නිසා තමන් හිරේ දැමුවා -නඳුන් චින්තක නොහොත් හරක් කටා පවසයි

Spread the love

තමන් තංගල්ල බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින්නේ හිටපු ඇමති ටිරාන් අලස්ට  හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කෝ⁣ටි තිහක මුදලක් ලබා නොදීම නිසා නඳුන් චින්තක නොහොත් හරක් කටා අද ප්‍රකාශ කෙරුවේය.නඳුන් චින්තක නොහොත් හරක් කටා මාධ්‍ය වෙත එම ප්‍රකාශය කෙරුවේ අද (14) දින කොළඹ මහාධිකරණයේ  විභාග වන නඩුවකට ගෙන ආ අවස්⁣ථාවේදීය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ නඩුව විභාගයට ගන්නා ලදී.එහිදී තමන් අර්ශස් රෝගයෙන් පෙළෙන බවත් ඒ සදහා ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍ය නිර්⁣දේශ නොතකා තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා තමන්ට හිරිහැරයක් වන ආකාරයට කටයුතු කරන බවද නඳුන් චින්තක පැවසීය.

රෝගයක වේදනාව ඇත්තේ රෝගියාට බව මෙහිදී ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ගෙන්  හෝ ඔහු විසින් නිර්දේශ කරන වෛද්‍යවරයකු ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කෙරුවේය.ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද වැඩිදුරටත් නියෝග කෙරිණි.

තම සේවදායකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින බවත් ඉදිරියේදී ඔහු වෙනුවෙන් ඇප ඇයදුමක් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් නඳුන් චින්තක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.


Spread the love

You may also like