හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පසුගියදා පැවැති සත් දවසේ පිරිත් පිරිත් පින්කම පොලීසිය නොමග යැවීම සඳහා සංවිධානය කරන ලද්දක් බව අනාවරණය වේ.පසුගිය සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් රාජපක්ෂ පවුලේ බලවන්තියක අත් අඩංගුවට ගැනීමට සැළසුම් කර තිබී ඇත.ඒ බරපතල මුල්‍යමය අපරාධයක් සම්බන්ධයෙනි.
එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව රාජපක්ෂ පවුලට දැන ගැනීමත් සමගම
පොදු ජන පෙරමුණේ නායකයන් හා සාකච්ඡා කර දින හතක රාත්‍රී පිරිත් පින් පින්කම සංවිධානය කර ඇති බව පැවසේ.පිරිත් පින්කම අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාරිය අත් අඩංඟුවට ගැනීමක් කරන ලද්දේ නම් චීවරධාරීන් පිරිසක් ආණ්ඩුවට එයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමටද සැළසුම් කර තිබුණ බවද දැන ගැන්මට තිබේ.තමන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම වලක්වා ගැනීම සදහා රාජපක්ෂවරුන් ආගම අව භාවිතා කර ඇති බව මින් අනාවරණය වේ.
රාජපක්ෂ පවුලේ සත් දවසේ පිරිත් පින්කම පොලීසිය මුලා කිරීමක්