Spread the love

  • කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිසම මගින් මොරටුව දිසා විනිසුරු ලෙස මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.කොටුව දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කරන ලද තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කිරීමටද අධීකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.⁣ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන ලද තිළිණ ගමගේ ගේ  සහෝදරයා අල්ලස් ගැනීමේ සිද්ධියකට අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය ඔහුගේ හදිසි ස්ථාන මාරුවට හේතුව වන්නට ඇති බව සැක කළ හැකියි.සිය සහෝදරයාගේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට නොගෙන වෙනත් අධිකරණයක විනිශ්චය කරන ලෙසට ඉල්ලා තිලිණ ගමගේ පසුගියදා  ලිඛිතව අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබුණා.හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ සමීපතමයකු ලෙස සක්‍රීය දේශපාලනයේ  නිරතව සිටි තිලිණ ගමගේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරයකු ලෙස පත් වීම පවා ප්‍රශ්ණ සහගතයි.රාජපක්ෂ පවුල සමගද දැඩි මිත්‍ර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය මොහු විනිසුරුවරයකු වීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කෙරුවා.ඉන් අනතුරුව විනිසුරුවරයකු වී⁣මෙන් පසුව නීති විරෝධී ඇත් පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කිරීමද රාජපක්ෂවරුන්ගේ යටි බිමි ගත දේශපාලනික කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස උපුටා දැක්විය හැකියි.කැසිනෝ හලකදී සිදුවුන ආරවුලකදී පුද්ගලයෙකුට පිස්තෝලය එල්ල කර තර්ජනය කිරීමේ සිද්ධියකටද තිලිණ ගමගේ චෝදනාවකට ලක් වුනා.මෙවැනි දුෂ්චරිතයන්ගෙන් යුතු හා දේශපාලනික සම්බන්ධතා පවතින පුද්ගලයකු විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම ⁣පවා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතිය පිළිබඳව සැක මතු විය හැකි හා නරක පූර්වාදර්ශයක් බව නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා.
  • AjithLanka DawasaFrom:[email protected]To:anandadharmapala ajithWed, 1 Jan at 20:08On Tue, 31 Dec 2024 at 10:28, Loku Kuma <[email protected]> wrote:
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිසම මගින් මොරටුව දිසා විනිසුරු ලෙස මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.කොටුව දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කරන ලද තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කිරීමටද අධීකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.⁣ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන ලද තිළිණ ගමගේ ගේ  සහෝදරයා අල්ලස් ගැනීමේ සිද්ධියකට අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය ඔහුගේ හදිසි ස්ථාන මාරුවට හේතුව වන්නට ඇති බව සැක කළ හැකියි.සිය සහෝදරයාගේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට නොගෙන වෙනත් අධිකරණයක විනිශ්චය කරන ලෙසට ඉල්ලා තිලිණ ගමගේ පසුගියදා  ලිඛිතව අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබුණා.හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ සමීපතමයකු ලෙස සක්‍රීය දේශපාලනයේ  නිරතව සිටි තිලිණ ගමගේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරයකු ලෙස පත් වීම පවා ප්‍රශ්ණ සහගතයි.රාජපක්ෂ පවුල සමගද දැඩි මිත්‍ර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය මොහු විනිසුරුවරයකු වීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කෙරුවා.ඉන් අනතුරුව විනිසුරුවරයකු වී⁣මෙන් පසුව නීති විරෝධී ඇත් පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කිරීමද රාජපක්ෂවරුන්ගේ යටි බිමි ගත දේශපාලනික කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස උපුටා දැක්විය හැකියි.කැසිනෝ හලකදී සිදුවුන ආරවුලකදී පුද්ගලයෙකුට පිස්තෝලය එල්ල කර තර්ජනය කිරීමේ සිද්ධියකටද තිලිණ ගමගේ චෝදනාවකට ලක් වුනා.මෙවැනි දුෂ්චරිතයන්ගෙන් යුතු හා දේශපාලනික සම්බන්ධතා පවතින පුද්ගලයකු විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම ⁣පවා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතිය පිළිබඳව සැක මතු විය හැකි හා නරක පූර්වාදර්ශයක් බව නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා.

Spread the love

You may also like