උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නින්දෙන් අවදිවෙලා

Spread the love

විදේශීය රැකියා ජාවාරමකට සම්බන්ධව දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ⁣සහෝදරයා බව පැවසෙන තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තා පිළිබඳව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ලියා තිබේ.

 ⁣විදේශ රජයකින් නොමිලයේ ලැබෙන රැකියා අවස්තාවන් සඳහා තිසර නිරෝෂණ නානායක්කාර නැමැත්තා විසින් වංචනිකව මුදලට ලබා දීම සම්බන්ධ⁣යෙන් තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ඔහු එම සටහනේ සඳහන් කර  ඇත.එසේම මෙම වංචාවට සම්බන්ධ නිළධාරීන් පිළිබඳව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසද  ඉන් ඉල්ලා සිටින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංකයද එහි සඳහන් කර තිබේ.

තානාපතිවරයාගේ මෙම ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් කරුණු දක්වන බොහෝ දෙනා පවසන්නේ තානාපතිවරයා හදිසියේ නින්දෙන් අවදිවී පොලිස්පති වරයාගේ රාජකාරියට අත ගසා ඇති බව හා දීර්ඝ කාලයක් තිස්සේ හිටපු ඇමති මනූෂ නානායක්කාරගේ සහෝදරයා  විසින් සිඳු කළ මේ මිනිස් ජාවාරම පිළිබඳව ඔහු නොදැන සිටීම කිසිසේත්ම විය නොහැකි කාරණයක් බවය.⁣

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ  සමීපතමයකු වන  ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාරද එම මිනිස් ජාවාරමේ කොටස් කරුවකු බව හෙළිදරව් වෙමින් පවතින වටපිටාවක ඔහු සුදනා වීම සඳහා මෙවැනි ෆේස්බුක් සටහනක් ලියා ඇති බවට සැකයක් මතුවේ.


Spread the love

You may also like