හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ සිට රජයේ බැංකු වලින් ණය ලබා ගෙන මෙතෙක් කාලයක් ඒවා නොගෙවන ලද දේශපාලඥයන් හා ඔවුන්ගේ සමීපතමයන් පිළිබඳව සොයා බලා ජනතාවට අනාවරණය කිරීමට සුළු හා මධ්‍යම පරිමාන ඉඳිකරන්නන් ගේ සංඟමය මැදිහත් වී තිබේ.
එම සංඟමයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් මහ බැංකු නිළධාරීන් හා සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
ඇතැම් දේශපාලඥයන් එකම ඉඩමේ ඔප්පුුව මෙරට ප්‍රධාන පෙලේ බැංකු දෙකකට ඉදිරිපත් කර දේපොල ණය ලබා ගෙන ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
රජයේ බැංකු වලට පොලු තැබූ දේශපාලුවන් ගැන සොයා බැලේ