උණුසුම් පුවත් උණුසුම් පුවත්

කොස්ගොඩ සුජීවගේ ජාවාරම්වලට සම්බන්ධ එස්ටීඑෆ් පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගනී

Spread the love

යුක්තියේ මෙහෙයුම සඳහා යෙදවූ විශේෂ කාර්ය බලකාය බලපිටිය රත්ගම හා අම්බලන්ගොඩ රාජකාරි ⁣කරන ලද්දේ කොස්ගොඩ සුජීගේ උපදෙස් මත බව ලංකා දවස දිගින් දිගටම අනාවරණය කරන ලදී.විශේෂ කාර්ය බලකායේ බොහෝ නිළධාරීන් කොස්ගොඩ සුජීවට එරෙහිව සිටි අපරාධ කල්ලි මර්ධනය සඳහා කටයුතු කළ බවත් කොස්ගොඩ සුජීව ගේ කොන්ත්‍රාත් ඉටු කරන ලද බවත් එම ප්‍රදේශවල ජනතාව ලංකා දවස දැනුවත් කරන ලද්දේ සාක්ෂි සහිතවය.

එහිදී  ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ හා නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කිරීම ⁣සඳහා කොස්ගොඩ සුජීව ⁣කොන්ත්‍රාතුව බාර දුන්නේ විශේෂ කාර්ය බලකායටය.

මේ වන තුරුත් එම ඝාතනයේ සැකකරුවන් පොලීසියට අත් අඩංගුවට ගැනීමට නොහැකි වුවද එය සිදු කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු බව මේ වන විටත් තොරතුරු හෙළි වී ඇතත් ඔවුන් අත් අඩංගුවට ගැනීම වැලකී ඇත්තේ කොස්ගොඩ සුජීව හා විශේෂ කාර්ය බලකාය අතර පවතින සම්බන්ධතාව නිසාය.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැදිහත්ව කොස්ගොඩ අහුංගල්ල අම්බලන්ගොඩ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරිකයන් සන්තකව තිබූ දේපොල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නඩු පවරන ලද නමුත් කොස්ගොඩ සුජීව ගේ නමට තිබුණු දේපොල ඉඩ කඩම් පිළිබඳව කිසිදු අවධානයක් නොදක්වන ලදී.

කොස්ගොඩ සුජීව සමග විශේෂ කාර්ය බලකාය පවතින  සම්බන්ධතාව තවදුරටත් තහවුරු කෙරෙන සාක්ෂියක් ඊයේ හෙළිවිය.ඒ විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ කැස්බෑව ප්‍රදේශයේදී අහුංගල්ල⁣ ලොකු පැටීට අයත් කිලෝ තිහක⁣ට ආසන්න හෙරොයින් තොගයක් 

අත් අඩංගුවට ගැනිනි.එම හෙරොයින් තොගය ගැන තොරතුරු විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක පීරිස් හට ලැබුණේ ඩුබායි සිටින කොස්ගොඩ සුජීව පාර්ශවයෙනි.⁣අත් අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගයෙන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් පරීක්ෂක පීරිස් විසින් ලබා ගත්තේ කොස්ගොඩ සුජීවගේ උපදෙස් පරිදිය.එම හෙරොයින් ප්‍රමාණය බලපිටිය කුඩු සැන්ටා වෙත ලබා දීමට කො⁣ස්ගොඩ සුජීව විසින් පොලිස් පරීක්ෂක පීරිස්ට උපදෙස් දී තිබුණි. 

එහෙත් පොලිස් පරීක්ෂක පීරිස් හා විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වයකු එම ⁣හෙරොයින් සමග පොලිස් අත් අඩංගුවට පත් විය.එම අත් අඩංගුවට පත් වීම පිටුපසද ඇත්තේ අපූරු කතන්දරයකි.ඒ පොලිස් පරීක්ෂක පීරිස් සන්තකයේ හොරොයින් තිබෙන බවට තොරතුරු සපයන ලද්දේ කොස්ගොඩ සුජීවට එරෙහි ලොකු පැටී පාර්ශවයෙන් නිසාය.හෙරොයින් සමග අත් අඩංගුවට ගන්නා ලද පොලිස් පරීක්ෂක පීරිස් පසුගිය කාලයේ අහුංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන්නා විය.  


Spread the love

You may also like