උණුසුම් පුවත් උණුසුම් පුවත්

සොම්බි රනිල් වික්‍රමසිංහ ගේ මොනිටසෝරි ප්‍රසංඟය

Spread the love

ජනපති රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයේ තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසිනි.ඔහුගේ

ස්වාධීන අපේක්ෂකත්වය මෙරට ජනතාව මුලා කිරීම සඳහා සිදු කරන ලද තක්කඩි උත්සාහයකි.අප එසේ ලියන්නේ ඔහු මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වී නැති නිසාය.අප මේ  සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසා බැලූූ විට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව තහවුරු කරන ලදී.මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂයක නායකයකු ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා ලංකා දවසට පැවසීය.

රනිල් වික්‍රමසිංහ ⁣ගේ ජනපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වය මොනිටසෝරි දරුවකු විවිධ ප්‍රසංඟයක දක්වන සුරතල් නිරූපනයක් ලෙස සැළකිය හැකිය.කෙසේ වෙතත් ජනපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව හා ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග.වැදීමේදී එජාප නායකත්වයෙන් ඉල්ලා අස් නොවූයේ මන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු මාධ්‍යයක් 

වෙතින් ප්‍රශ්ණ කර නැත.    


Spread the love

You may also like