උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනපති නීතිඥ සාලිය පීරිස් පිටුපස ටිරාන් ගේ මිනීමරු ඝාතකයන් හොල්මන් කරති

Spread the love

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ පෞද්ගලික ජීවිතයේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ගේ නියෝග මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත නිළධාරිින් කිහිප දෙනෙකු යොදවා ඇති බවට හමුදා බුද්ධි අංශ අප හට දන්වා තිබේ.

මෙම පොලිස් නිළධාරීන් විසින් මේ වන විට ජනපති නීතිඥ සාලිය පීරිස් ගේ ගමන් බිමන් ,ඔහු හමුවීමට යන එන්නන් පිළිබඳව පවා අවේක්ෂණය කරමින් සිටින බවට මෙහිදී අනාවරණය වේ.

මේ නිසා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ ජීවිතය බරපතල අවදානමක පවතින බව අපට සැකයක් මතු වී තිබේ. දිනෙන් දින ආණ්ඩුවේ දේශපාලන බලයට හානි දායක වන ආකාරයෙන් සමාජය තුළ මතුවන විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වයත් සමග ටිරාන් අලස් වැනි බොහෝ දූෂිත දේශපාලන ප්‍රබලයන් වියරුවට පත් වෙමින් සිටී.ගිලිහී යන සිය ⁣දූෂිත දේශපාලන පැවැත්ම තව දුරටත් රඳවා ගැනීම විශේෂ කාර්ය බලකායේ මිනීමරු මිනිස් ඝාතකයන් යොදවා ගැනීමට මොවුන් පෙළඹීම අනිවාර්ය සිඳුවීමක් විය හැකිය.එබැවින් මේ හෝරාවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගේ ජීවිත පවා උකසට ගැනීමේ අවදානම පිලීබදව අප තුළ පවතින සැකය සියයට දෙසීයක්ම නිවැරිදි බව අපි සිතමු.


Spread the love

You may also like