ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා එම අමාත්‍යංශයේ ලේකම් වියානා ගුණතිලක විසින් සිදු කරන ලද අමු තක්කඩි ගේමක් පිළිබඳව තොරතුරු අපට ලැබී තිබේ.
ලංකාවේ පුරවැසි භාවය අත් හැර දැමූ අය ඇතුළු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් හා විදේශීය කාලත්‍රයන්ට ලංකාවේ ස්ථිර පදිංචිය ලබා ගත හැකි වන පරිදි නව රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.අදාල රෙගුලාසි ඇතුළත් අංක 2383 /17 2024 දරණ මෙම ස්ථිර වාස වීසා සඳහා නියෝග නමින් හඳුන්වා ඇති මෙම ගැසට් නිකුත් කර ඇත්තේ 2024 මැයි මස 07 වන දින වේ.
මෙම ගැසට් පත්‍රය නිකුත් කළ දිනයට පසු දින මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් නඩුකරයක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දුන් දවසය.ඒ මෙරට නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේට එරෙහිවය.මෙම නඩු තීන්දුව මගින් ඇයට මෙරට පුරවැසි භාවයක් නැති බව තහවුරු කළ අතර වැඩිදුරටත් ඇය මෙරටදී සිදු කර ඇති වංචාවන් පිළිබඳව නඩු පවරන ලෙසට පොලීසියට නියෝග කෙරිණි.
එම නඩු තීන්දුව දීමට පෙර තීන්දුව දුන් ත්‍රිපුද්ගල විනිසුරුවරුන් අතරින් එක් විනිසුරුවරයකු ඒ තීන්දුව ප්‍රකාශ කිරීමට ජනපතිවරයාගෙන් අවසරය හා අනුමැතිය ලබා ගත් බවට තොරතුරු ජනාධිපති කාර්යාලයෙන් අප හට ලැබී තිබේ.ඩයනා ගමගේට එරෙහිව තීන්දුව ලබා දීමට පෙර එසේ ජනපතිවරයාගේ අවසරය ලබා ගත් ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරයාගේ නෝන්ජල් බව ,බයාදු බව හා දේශපාලනික වහල්භාවය ගැන අළුත්කඩේ බොහෝ දෙනෙකු දනී.ඩයනාට එරෙහිව පැවැති ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව විසින් නඩුව අවසන් කිරීමෙන් පසුව ලියන ලද තීන්දුවට අත්සන් කිරීම මග හරිමින් මෙම විනිසුරුවරයා කට්ටි පනිමින් සිටින බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී පවා අනාවරණය කරන ලදී.විපක්ෂයේ එම චෝදනාවත් සමගම එම තීන්දුව ප්‍රකාශ කිරීම මගහැරීමට එම විනිසුරුවරයාට නොහැකි වූ අතර ඔහු ජනපතිවරයාගේ අවසරය මත තීන්දුවට සිය අත්සන තැබූ බවද දන්නෝ දනිති.
ඩයනා ගමගේට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දීමට යන තීන්දුව පිළිබඳව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කළ අතර එම තීන්දුව දීමෙන් පසු ඩයනා ගමගේ හට මෙරට පුරවැසි බව ලබා ගැනීමට හැකි වන ලෙස වාස වීසා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් වහාම නිකුත් කරන ලෙසටද උපදෙස් දෙන ලදී.එම රෙගුලාසි ඇතූළත් ගැසට් පත්‍රය ඩයනා ගමගේට එරෙහිව තීන්දුව දුන් දවසට පෙරදින එනම් 2024 මැයි 07 වන නිකුත් කරන ලද්දේ ඒ අනුවය.
එම නීති රෙගුලාසි අනුව මේ වන විටත් ඩයනා ගමගේ මෙරට පුරවැසි භාවය ලබා ගෙන ඇති බවට කිසිම සැකයක් නැත.කෙසේ වෙතත් ඇමති ටිරාන් අලස් ගේ තක්කඩිකම් හා කපටි කම් ඔහුට පමනක් සීමා නොවුන බව මේ සිද්ධියෙන් තහවුරු වේ.ඔහු මේ තක්කඩි වැඩ කරන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ ගේ අනුදැනුම මත බවද පැහැදිලිය.
රනිල් හාමු කැතයි හොඳේ