උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනපති කාර්යා⁣ලයේ ලොක්කෝ ජරා හාල් ජාවාරමක

Spread the love

ජනතාවට බෙදා හැරීම සඳහා රජය මගින් විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද මෙට්රික් ටොන් එකක වන සහල්   තොගයක් දුර්වර්ණව පණු කැදලි සහිත වීම නිසා භාවිතයට නුසුදුසු බවට වාර්තා වී තිබියදී එම සහල් තොගය මරඳගහමුල ප්‍රදේශයේ වී මෝලක් මගින් නැවත ⁣පිරිසිදු කිරීමෙන් අනතුරුව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ තොරතුරක් ජනපති කාර්යාලයේ නිළධාරියකු වෙතින් අප හට ලැබී තිබේ.

මෙම සහල් තොගය මෙරටට ගෙන්වීමට ක්‍රියා කර ඇත්තේ ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොළුව සහ ජනපති ලේකම් කාර්යා⁣ලයේ අතිරේක ලේකම් නීල් ද අලවිස් නැමැත්තා බවටද වාර්තා වේ.

සතොස බාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා එක්ව මොවුන් දෙදෙනා මෙම සහල් තොගය මෙරටට ගෙන්වා ඇති අතර  පාරිභෝජනයට නුසුදුසු බවට රේගුවේදී තහවුරු වී ඇතත් එම සහල් රේගුවෙන් නිදහස් කර ගැනීමට මේ කණ්ඩායම කටයුතු කර ඇති බවද අනතුරුව මරඳගහමුල වී මෝල් හිමියකු සමග එක්ව සහල් තොගය නැවත වෙළඳපොළ වෙත මුදා හැරිමට කටයුතු කර ඇති බව අනාවරණය වේ.  

අප වෙත මේ තොරතුර ලබා දුන් ජනපති කාර්යාලයේ නිළධාරියා ප්‍රකාශ කරන ලද්දේ භාවිතය⁣ට නුසුදුසු සහල් මෙරට කුඩා දරුවන් පවා පරිභෝජනයට ගන්නා බැවින් ඒ ගැන කම්පා වන නිසා හෘද සාක්ෂිය⁣ට එකඟව මෙම ජරා ගනුදෙනුව හෙළි කරන ලද බවය  තුසිත හල්ලොළුව සහ අතිරේක ලේකම් නීල් අල්විස් යන අයවළුවන් ජනපතිවරයාගේ බලතල යොදා ගනිමින් විවිධ කූඨ ව්‍යාපාර වල නිරතව  මහා පරිමානයෙන් දූෂිත ලෙස ධනය උපයමින් සිටින නිළධාරීන් බවද දැන ගැන්මට තිබේ.


Spread the love

You may also like