උණුසුම් පුවත් උණුසුම් පුවත්

ටිරාන් අලස්ගේ දේශපාලන රැස්වීමට ඕඅයිසීලා ගෙන් මුදල් අය කෙරේ

Spread the love

පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් මුදල් එකතු කර තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවට තොරතුරක් ලංකා දවසට වාර්තා වී තිබේ.

මෙහ රැස්වීම හෙට දින (17)පෙව 2.30 ට පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් බව පැවසේ.

මීට මාස දෙකකට පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට තම පොලිස් බල ප්‍රදේශයේ කීර්තිමත් හා රජයේ විශ්‍රාමික ප්‍රභූවරුන් දෙදෙනෙකු ගේ නම් පොලිස්පති කාර්යාලයට ගෙන්වා ගෙන තිබුණි.එම නම් එවන ලද අයවළුන් ඇමතීමට නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බැවින් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව අනාවරණය වේ.

ඒ අනුව පොලිස් කොට්ඨාශ 45 ක් නියෝජනය කරමින් නම් යෝජනා කරන ලද පුද්ගලයන් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් මෙදින රැස්වීමට කැඳවා ගෙන ආ යුතුය.ඒ සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වියදමින් වායු සමනය කරන ලද බස් රථයක් සැපයීම කළ යුතු අතර ඔවුන්ගේ ආහාරපාන සඳහා රුපියල් 7000ක මුදලක්ද පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සොයා ගත යුතු බවටද පොලිස් පති කාර්යාලයෙන් නියෝග කර තිබේ.  


Spread the love

You may also like