පසුගිය 14 වන දා අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කළහකාරී ලෙස හැසිරී එහි සේවකයකුට පහරදී ආරක්ෂක නිළධාරීන්ට මරණීය තර්ජන කර ඇති බවද අනාවරණය වේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර එදින ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ විදේශගත වන සිය බිරිඳ ඇරලවීම පිණිස බව පැවසේ.එහිදී අමාත්‍යවරයා ගුවන්තොටුපොළෙහි ප්‍රධාන දොරටුවෙන් අවසර පත්‍ර ලබා නොගෙන ඇතුළු වී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන්ද ආයුද රැගෙන ඇතුළු වී තිබේ.ආයුද රැගෙන ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවීම සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිළධාරීන් විරෝධය දැක්වූ විට අමාත්‍යවරයා විසින් ඔවුන් හට පහර දීමට තැත් කර ඔවුන් ගේ ඡායාරූප ගෙන ඇති බවද සඳහන් වේ.පසුව ඇමතිවරයා ගුවන් තොටුපොාළෙහි පෝටර් වරයකුට පහරදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
දැන් අපට මේ පිළිබඳව ප්‍රශ්ණ කරන්නට ඇත්තේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් ගෙන්ය.ඒ පසුගියදා වීසා ප්‍රශ්ණයකට ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ නොසන්සුන් ලෙස හැසිරුණ බවට චෝදනා කරමින් නීතිවේදී තරුණයෙකුට එරෙහිව ඇමති ටිරාන් අලස් අවලාද නගමින් ප්‍රකාශ කෙරුවේ ගුවන් තොටුපොළ තුළ කලහකාරීව හැසිරෙන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නොපසුබට වන බවය.පසුව එම තරුණයා පොලීසියට කැඳවා කට උත්තර ලබා ගැනීමත් සිදු කළ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දැක්වූ විරෝධය නිසා ඉන්පසු ඔහුට එරෙහිව ටිරාන් ගේ පොල්ලේ නීතිය හකුලා ගැණිනි.
ගුවන්තොටුපොළ ආරක්ෂා සම්බන්ධයෙන් පවතින නීති ඉතා බරපතල ආකාරයෙන් උල්ලංඝනය කරමින් ආයුද සන්නද්ධව ගුවන් තොටුපොළට ඇතුළුව කළහකාරීව හැසිරුණ නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව ටිරාන් අලස් ඇමතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද යන්න අපි ප්‍රශ්ණ කරමු.එසේ නැතිනම් මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ ටිරාන් අලස්ට හා දේශබන්දුට ඕනෑ විදියට වෙන්නට පුළුවන් බව අප සිතා ගත යුතුය.
ගුවන්තොටුපොලේ මදාවිකම් කළ ඇමති මැට්ටා ප්‍රසන්න රණවීරයි