උණුසුම් පුවත් උණුසුම් පුවත්

යුක්රේනයට හා රුසියාවට කුලී හමුදා සෙබළුන් යැවීමේ ප්‍රධානියා ඇවන්ගාඩ් බව හෙළිවේ

Spread the love

රුසියාවට හා යුක්රේනයට මෙරට විශ්‍රාමික සෙබළුන් යැවීම සම්බන්ධයෙන් මේ වන විට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු හා විශ්‍රාමික හමුදා  සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.  

මෙම ජනරාල්වරයා හා විශ්‍රාමික හමදා සැරයන්වරයා මෙම මිනිස් ජාවරමේ පහලම ඇවරියේ සිටින පුද්ගලයන් බව ලංකා දවස⁣ට වාර්තා වී තිබේ.

රුසියාවට හා යුක්රේනයට විශ්‍රාමික සෙබළුන් යැවීමේ ප්‍රධානියා ⁣ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාපති වේ.එම වැඩපිළිවෙලෙහි අනිත් කොටස් කරුවන් වන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නනහා හමුදාපති මේජර ජනරාල් විකුම් ලියනගේ  වේ.මොවුන් තිදෙනා පසුගිය කාලයේ විදේශීය සංචාරයක නිරත වූයේ මෙම රහසිගත වැඩපිළිවෙල හා සම්බන්ධ රුසියා හා යුක්රේන නියෝජිතයන් හමුවීමටය.⁣කුලී හමුදා සඳහා යොමු කෙරෙන

විශ්‍රාමික හමුදා සෙබළකු සඳහා ලක්ෂ තිස් පහක් ගෙවීමට  එහිදී දෙපිරස අතර ගිවිස්නා ගෙන සක්‍රීය සේවයේ නිරත හමුදාපතිවරයකු විසින් විශ්‍රාමික හමුදා සෙබළුන් කුලී හමුදා වෙත අලෙවි කිරීම පිළිබඳව පළමු වාර්තා වන්නේ මේ  සිඳුවීමය.⁣මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න හා හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ හට එසේ කුලී හමුදා වෙත යොමු කළ විශ්‍රාමික සෙබළුන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තියෙන බව⁣ට අනාවරණය වේ.මෙම මුදල් වලින් කමල් ගුණරත්න බත්තරමුල්ල පිහිටි අධි සුඛෝපභෝගී නිවාසයක් කෝටි ගණනකට මිලයට ගෙන ඇති අතර හමුදාපති විකුම් ලියනගේ නව නිවාස තුනක් ඉඳි කරමින් සිටී.මොවුන් දෙදෙනා හට මුදල් ලැබීම ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති සම්බන්ධීකරණයෙන් සිඳුවේ.

රුසියාවට හා යුක්රේනය⁣ට මෙසේ යවන විශ්‍රාමික සෙබළුන් මේ වන විට එම රටවල ඉදිරි ආරක්ෂක වලල්ලේ යුද මෙහෙයුම් රාජකාරි වලට යොදවා තිබේ.මොවුන් ⁣එම රටවලට යැවීමට සම්බන්ධ වූ මෙරට නියෝජිතයන් මොවුන් හට පවසා ඇත්තේ පාලන රාජකාරි සඳහා පමනක් යොදවා ගන්නා බවටය.එහෙත් මෙම විශ්‍රාමික සෙබළුන් ඉදිරි ආරක්ෂක වලල්ලේ යුද මෙහෙයුම් රාජකාරි වලට යෙදවීම නිසා ඔවුන් හට මෙරටදී එකම රෙජිමෙන්තුවල රාජකාරි කල සහෝදර සෙබළුන් පස මිතුරන් ලෙස සළකා යුද මෙහෙයුම් වල නිරත වීමට සිදු වී ඇති බව වාර්තා වේ.

මෙහි තවත් භයානක පැත්තක්ද තිබේ.ඒ මෙම කුලී හමුදා යොදවන විදේශීය ජාවාරම් කරුවන්ට මෙරට රජය කුමන්ත්‍රණකාරීව පහ කිරීමට මෙම ⁣ශ්‍රී ලාංකික සෙබළුන් යොදවා ගත හැකි වීමය.එවැනි සිදුවීමක් ඉතිහාසයේ ආසන්නතම පරිච්ඡේදයක සටහන්ව තිබේ.ඒ මාලදිවයින රාජ්‍යය පෙරලීම සඳහා බ්‍රිතාන්‍ය ව්ශේෂ රෙජිමෙන්තුවේ කුලී සෙබළුන් යොදවා ගැනීමය.එම කුමන්ත්‍රණයට යෙදවූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය විශේෂ සේවා රෙජිමෙන්තු සෙබළුන් අතර මෙරට කමාන්ඩෝ  සෙබළුන් පුහුණු කළ උපදේශකයන්ද සිටි බවට ඒ දින වල වාර්තා විය.එම පූර්වාදර්ශය ගත හොත් දැනට රුසියාවට හා යුක්රේනය අතර පවතින දේශසීමා අරගලයට යොදවා ඇති මෙරට විශ්‍රාමික සෙබළුන් මෙරට රජය පෙරලා දැමීමේ කුමන්ත්‍රණයකට යොදවා ගැනීමේ ඉඩ කඩ පවතින බවට අපට සැක කළ හැකිය.ඒ සැකය වඩාත් තහවුරු වන්නේ එම රටවල  කුලී හමුදා ලෙස මෙරට විශ්‍රාමික සෙබළුන් යැවීමෙි මුල් ඇවරියේ සිටින ඒජන්තයන් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව සිදු විය හැකි ආණ්ඩු වෙනස පිළිබඳව තැති ගැනීමකින් හා බියකින් පසුවන නිසාය.


Spread the love

You may also like