උණුසුම් පුවත් උණුසුම් පුවත්

කොන්ද පණ ඇති ප්‍රාදේශීය ලේකම් නෝනා රාජ්‍ය ඇමතිගේ පොදු දේපොල අයුතු භාවිතයට එරෙහි වේ

Spread the love

Yahoo/Inbox

රජයේ දේපොලක් වූ ගම්පොළ සංස්කෘතික භූමිය හා එහි පිහිටි ගොඩනැගිලිවල අනවස⁣රයෙන් සිටින අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමති අනුරාධ ලංකා ජයරත්නට එම රජයේ දේපොළ වහාම බාර දෙන ලෙසට ගම්පොළඋඩ පලාත ප්‍රාදේශීය ලේකම්වරිය වන ආත්මා දිලුක්ෂි ජයරත්න ලිඛිත නියෝගයක් ප්‍රකාශයට පත් කර තිබේ.එම ලිඛිත නියෝගය ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැඟිලි වල අලවා ඇති අතර එහි දැක්වෙන්නේ 2024 පෙබරවාරි 12 වන දිනට හෝ ඊට පෙර එම ඉඩමේ නිරවුල් සන්තකය ප්‍රාදේශීය ලේකම්වරියට හෝ අංගම්මන බටහිර වසමේ ග්‍රාම නිළධාරීවරයාට බාර දෙන ලෙසය.

ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි භූමිය රජයට අයත් පොදු දේපොළක් වන අතර එහි පිහිටි ගොඩනැගිලිද රාජ්‍ය මුදල් ප්‍රතිපාදන යොදවා ඉඳි කර ඇති ඒවා වේ.එහෙත් එහි ගොඩනැගිලි කිහිපයක් මේ වන විට පෞද්ගලික අංශයට බදු දී ඇති අතර එම බදු දීම සිදු කර ඇත්තේ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න හා ඔහුගේ පවුලේ අයවළුන්ගේ මැදිහත් වීමෙනි.එම සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි භූමියේ දි.මු.ජයරත්න ජාතික උරුම ක්‍රීඩාංඟනය එහි ක්‍රීඩාාමණ්ඩපය සහ දි.මු ජයරත්න සම්මන්ත්‍රණ ශාලාව පිහිටා තිබෙි. 

මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට විවිධ පුද්ගලයන්  තර්ජනය කරන බව අපට වාර්තා වේ.රාජ්‍ය ඇමතිවරයා ප්‍රාදේශීය ලේකම්වරියගේ නියෝගය නොතකා සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සිදුවීම සමිබන්ධයෙන් සිය මුහුණු පොත් ගිණුමේ සටහනක් තබා ඇති ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න සඳහන් කර ඇත්තේ තමන් දරු දෙදෙ⁣නෙකුගේ මවක බැවින් මෙම කාර්යයට අත නොගසන ලෙස⁣ට සමීපතමයන් උපදෙස් දුන් බවත්,එහෙත් තමන් මුළු රටේම දරුවන්ගේ අනාගතය ගැන සිතා මේ රාජකාරියය සිදු කළ බවය.  

AjithLanka Dawasa


Spread the love

You may also like