උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඇමති ටිරාන් හා වැබ පොලිස්පති දේශබන්දු ගෙන් දෙවියන්ටත් අල්ලස්

Spread the love

හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ කාලයේදී සමාජය තුළ නිතර කතා බහට ලක්වූ කට්ටඩි ඥාණා  නැවත වරක් වේදිකාවට පැමිණ සිටී.පසුගියදා කට්ටඩි ඥාණා අනුරාධපුරයේ සිට මහනුවර දළදා මාලිගාව⁣ට පැමිණියේ ප්‍රභූ ආරක්ෂාව යටතේය.එහිදී පොලිස් පෙර ගමන් රථයක්ද ඇය ගමන් කළ වාහනයට ලබා දී තිබූ බව වාර්තා වේ.මීට අමතරව ආරක්ෂක රථ පෙලක්ද ඇය වෙනුවෙන් රාජකාරියේ යොදවා තිබු බව වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.කට්ටඩි ඥාණාට මෙදින දිවා ආහාරය සපයන ලද්දේ දියවඩන නිළමගේ නිල නිවසේ බව පැවසේ.

කට්ටඬි ඥාණා මෙදින දළදා මාලිගාවට පැමින ඇත්තේ ඇමති ටිරාන් අලස් හා වැබ පොලිස්පති දේශබන්දු වෙනුවෙන් පැවැති ආගමික පූජාවක් සඳහා බව තොරතුරු අනාවරණය වී තිබේ.මිල්ටෙරි නන්දසේන මේ කට්ටඬි ඥාණා ගේ ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කළ අයෙකු වුවද ඔහුට ජනපති තනතුර අත් හැර පලා යන්නට සිදු විය.මෙතරම් ප්‍රසිද්ධියට පත්ව සිටින කට්ටඬි ඥාණා ගේ පැටිකිරිය කවුරු කවුරුත් දැන ගෙන සිටීම වැදගත්ය.

මැයගේ සැමියා වූයේ ජයසූරිය නැමැති ආතක් පාතක් නැති අයෙකි.මොහු අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේදී පිහි ඇණුමකට ලක්ව මිය ගියේය.ජයසූරිය ඝාතනය කරන ලද්දේ ඥාණා හා අනියම් සම්බන්ධකමක් පැවැත්වූ හිටපු ගුවන් හමුදා භටයෙකි.

සිය සැමියා ඝාතනයට ලක් වීමෙන් පසු අනුරාධපුරයේ ගුවන් තොටුපොළ පාරේ කසිප්පු පෙරමින් ජීවිකාව ගැට ගසා ගත් ඥාණා පසුව සිය නිවසේ සාස්තර කියන කුඩා දේවාලයක් තනා ගත්තාය.

දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පීඩා විඳින ⁣මෙරට කාන්තාවන් වැඩි පිරිසකට කාලි හා පත්තිනි දෙවිවරුන් ආවේශය බහුලව සිඳු වෙමින් තිබේ. ආර්ථික ගැටළු හා පවුල් ප්‍රශ්ණ නිසා සිය විවාහක සැමියාගෙන් ගුටි බැට කන බොහෝ කාන්තාවන්ට කාලී දේවතාවිය ආවේශ වේ.එතැන් සිට සිය බිරිඳට ගුටි බැට දුන් සැමියා කාලි දේවතාවිය ආවේශවූ බිරිඳගේ දේවාලයේ ආවතේව කරන්නා බවට පත් වේ.ඇතැම් කාන්තාවන්ගේ සැමියා බීමත්ව අකාලයේ මිය යාමෙන් පසුව මෙවැනි දේව වරම් ලබා ගනිමින් දරු පවුල නඩත්තු කරයි.

කට්ටඬි ඥාණා ප්‍රසිද්ධ වූයේ යහපාලන ආණ්ඩුවේ ජනපති වරයා වූ මෛත්‍රීපාල සිරිසේන එම ජනපතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පවසන ලද අනාවැකියක් හේතුවෙන් බව පැවැසේ.මෛත්‍රීපාල සිරිසේන මී⁣ට පෙර ඇය සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරු සේවිකාවක ලෙස අනුරාධපුර මහ රෝහලට පත් වීමක් පවා ලබා දී  එහි දුරකථන ක්‍රියාකාරිණිය වශයෙන් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබුණි.

මෙරට බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් හමුදා පොලිස් ඡ්‍යෙෂ්ඨයන් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කට්ටඬි ඥාණගේ සුවච කීකරුගෝල බාලයන්ය.කට්ටඬි ඥාණා සපයන ගුරුකම් සේවාව ලබා ගන්නන් බොහෝ දෙනෙකු මෙරට  දූෂිත ගණුදෙනු වලට සබ්බන්ධ තක්කඩියන් බව හෙළි වී තිබේ. කෙටි හා දූෂිත උපාය උපක්‍රම වලින් ආදායම් මාර්ග සලසා ගන්නා මෙවැනි තක්කඩියන් කට්ටඬි ඥාණා ගේ ගුරුකම් හා අනාවැකි වලින් සිය පාදඩ ජීවිතයට දේව ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය.

මෙරට ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයන්ද කතරගම දේවාලය සීනිගම දේවාලය මෝදර පල්ලිය හා මුන්නේශ්වරම්  මහා භද්‍රකාලී දේවාල වල බාර හාර පවත්වන්නෝ වේ.මොවුන් සිය ත්‍රාඩ ජීවිතය පිළිබඳව විඳවන හෘද සාක්ෂිය සන්සුන් කර ගන්නේ මෙම දේවාල වල පුද පූජා පවත්වමිනි.මෙරට විශාල මංකොල්ලයක් සිඳුවී මෙන් පසුව බුද්ධි අංශ මෙම දේවාල වල යන එන්නන් ගැන අවධානයෙන් සිටියේ නම් එම මංකොල්ලය⁣ට සම්බන්ධ අපරාධ කරුවන් අත් අඩංගුවට ගත හැකි වනු ඇත.ඒ මන්ද යත් .මෙම අපරාධ කරුවන් දෙව්යන්ගේ කොටස රැගෙන එම දේවාලවලට පැමිණීම අනිවාර්ය සිදුවීමක් නිසාය.

 විශාල පොලිස් ආරක්ෂාවක් සහිතව ප්‍රභූ කාන්තාවක් ⁣ලෙස  පසුගියදා කට්ටඩි ඥාණා මහනුවරට පැමිනීම මෙරට පවතින විකෘති ආගමික ඇවැතුම් පැවතුම් අනාවරණය කෙරෙන සිදුවීමක් බවට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නැත.

ටිරාන් අලස් ඇමතිවරයාට හා වැබ පොලිස්පති දේශබන්දු දැන් හදන්නේ කට්ටඩි ගුරුකම් මගින් හෝ සිය අපේක්ෂාවන් ගොඩ දා ගැනීමටය.

දෙවියන්ට කියා සිය බලය තහවුරු කර ගැනීමටය.

හෙට අනිද්දා වන විට වැබ පොලිස්පති දේශබන්දුගේ වැඩ බලන කාලය අවසන් වේ.ඉන්පසු ස්ථිර පොලිස්පතිවරයකු පත් කිරීම සදහා නාම යෝජනා ජනපතිවරයා විසින් ව්‍යවස්ථාදායක  මණ්ඩලයට යැවිය යුතුය.මේ වන විට පොලිස්පති ධුරය සඳහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් සුදුසුකමි සපුරා සිටී.වැඩ බලන පොලිස්පති දේශබන්දු⁣ට එරෙහිව ශ්‍රෙෂ්ඨාධික⁣රණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබේ.එම පෙත්සම් විභාගය මාස ගනනකින් කල් දමා ගැනීම සඳහා දේශබන්දු බරපතල උත්සාහයක නිරත වෙමින් සිටී.අපට වාර්තා වු ආකාරයට අද වන විට ⁣නුගේගොඩ පදිංචිව සිටින අගවිනිසුරුගේ සමීපතම ඥාතියාගේ නිවසේ වැසිකිලි  සෝදන්නේද වැබ පොලිස්පති දේශබන්දු බව ඇතැම් පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ර⁣හසේ කතා වෙමින් ⁣විනෝද වේ.අගවිනිසුරුගේ මෙම ඥාතියාට දේශබන්දු විසින් ගෙන ගිය විටිනා තෑගි පාර්සල් පිළිබඳවද මෙහිදී අනාවරණය වී ඇත.

දැන් ටිරාන් අලස්  සිටින්නේ නීතිය හා සාමය ඇමතිකම තමන්ට පරම්පරාවෙන් හිමිවන තනතුරක් විදියටය.දේශබන්දු තම වැබ පොලිස්පති තනතුර ගැන හිතන්නේ එහෙමය.මුන් දෙන්නා තව ටික දවසක් මේ තනතුරු වල රැඳී සිටිය හොත් කෙල වෙන්නේ ජනපති රනිල් හාමුටය.හරියටම මැස්සන් එළවීමට වඳුරාට කඩුව දුන් රජාගේ කතන්දරය මෙන් මේ සීරියස් එක  අවසන් වෙන්නට පුළුවන. 


Spread the love

You may also like