නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට ගෙන එමින් තිබූ මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක් පසුගියදා ගාලු මුහුදේදී නාවුක හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා ලදී.නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළ ආකාරයට එම මත් ද්‍රව්‍ය තොගය තුළ අයිස් ක්‍රිස්ටල්(මෙතම්ෆෙටමින්) කිලෝ ග්‍රෑම් 150 ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 50 ක් ඇතුළත් පාර්සල් 48ක් තිබුණ බව අනාවරණය වේ.මෙම බහුදින යාත්‍රාවේ සිටි පුද්ගලයන් ගාල්ල හා බේරුවල පදිංචි කරුවන් වේ.
නාවුක හමුදාව මෙම මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගන්නා ලද්දේ හමුදා බුද්ධි අංශ වලින් ලද බුද්ධි තොරතුරකට අනුවය.බහු දින යාත්‍රාවෙි සිටි පුද්ගලයන් ධීවර කටයුතු වලට සම්බන්ධ අය නොවන අතර මේ පිරිස සමග මානසික ආබාධිතයකු සිටි බව වාර්තා වේ.ඔවුන් එකිනෙකාට මුදල් ගෙවීමේ පදනම මත මෙම කාර්යය සඳහා යොදවා ගෙන ඇති අතර කණ්ඩායමේ එකිනෙකා අතර සම්බන්ධතාවක් නොතිබෙන බවද පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
කෙසේ වෙතත් බුද්ධි තොරතුරු වාර්තා අනුව මත් ද්‍රව්‍ය ගෙන ආ බහු දින යාත්‍රාව දැනට බූස්ස බන්ධනාගාර ගත කර සිටින පොඩි ලැසී ගේ බිරිඳගේ මවට අයත්ව තිබුණ එකකි.පොඩි ලැසී සමග අමනාපයෙන් පසුවන මේ තැනැත්තිය මේ වන විට කොස්ගොඩ සුජී ගේ කල්ලිය සමග ඩුබායි ජීවත් වේ.දැනට ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව මෙම මත් ද්‍රව්‍ය තොගය කුඩු මොරිල් ගේය.කුඩු මොරිල්ට එම මත් ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙන ඒම සම්බන්ධීකරණය කර ඇත්තේ අම්බලන්ගොඩ සැන්ටාය.ඔහුද වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ වේ.ලංකාවට ගෙන එන එම මත් ද්‍රව්‍ය තොගය බාර ගැනීමට ඩුබායි රාජ්‍යයේ සිට සැන්ටා සමග සිටි පොන්සි දසුන් හා අම්බලන්ගොඩ අබිලිං නොහොත් මනෝජ් ලංකාවට හදිසියේ පැමිණ තිබේ.මුහුදින් බහු දින යාත්‍රාවෙන් ගෙන එන මත් ද්‍රව්‍ය පාර්සල් 48 ඩිංගි බෝට්ටුවක් මගින් අම්බලන්ගොඩ වෙරළ තීරයට ගෙන ඒම මේ කණ්ඩායමේ සැළසුම වී තිබුණි.ඒ සඳහා දැනට ඩුබායි සැඟව සිට්න අම්බලන්ගොඩ ජොන්ටි ගේ සහෝදරයා ඩිංගි බෝටිටුව සැපයීමට සූදානමින් සිටි බව බුද්ධි තොරතුරු වාර්තා වල දැක්වේ.
නාවුක හමුදාව මගින් එම මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමත් සමගම ඒවා රත්ගම විදුර ගේ බවට ප්‍රචාරයක් ගෙන ඒමට රටේ අබිලිං නම් මුහුණු පොතේ ගිනුම මගින් හෙළිදරව්වක් කෙරිණි.සත්‍ය වශයෙන්ම
එම රටේ අබිලිං ගිනුම හිමි තැනැත්තා එම මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සිදුවීමට සෘජුවම සම්බන්ධ අයෙක් බව තහවුරු වන්නේ ඒ හෙළිදරව් කිරීම නිසාය.ඒ හෙළිදරව්ව හොරාට කලින් කෙහෙල් කැන පැන්නා වැන්න.
කෙසේ වෙතත් එම මත් ද්‍රව්‍ය තොගය ගෙන ඒම ගැන කොස්ගොඩ සුජීට විරුද්ධව ඩුබායි සිටින පාර්ශවය වෙතින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබුණි.එහෙත් මෙම ගනුදෙනුවට කොස්ගොඩ සුජී සම්බන්ධ නොවුන බවට යම් සැකයක් ඇති වී තිබේ.එම මත්ද්‍රව්‍ය ගනුදෙනුව කුඩු මොරිල් හා අම්බලන්ගොඩ සැන්ටා අතර සිඳුවූ ගනුදෙනුවක් බව එහිදී අනාවරණය වී ඇත.පාතාල ක්‍රියාකාරිකයකු වූ රත්ගම විදුරගේ තර්ජන නිසා කොස්ගොඩ සුජීව පසුපසට ගොස් ඇති බවද ඒ රික්තය පුරවා ඉදිරියට ඒමට අම්බලන්ගොඩ සැන්ටා ගේ රහස් අපේක්ෂාව වී ඇති බවද බුද්ධි අංශ වලට තොරතුරු වල දැක්වේ. නාවුක හමුදා අත් අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය තොගය එම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට සිදු කළ පළමු මෙහෙයුම ලෙස සැළකිය හැකිය.
එම විශාල මත්ද්‍රව්‍ය තොගය මෙරටදී බාර ගැනීම සඳහා හදිසියේම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පොන්සි දසුන් ආපසු ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බවද වාර්තා වේ.පොන්සි දසුන් යනු වැබ පොලිස්පති බාම් බන්දුට කට්ටඬි ගුරුකම් කරන පිස්සු ශාන් ගේ සහෝදරයාය.එබැවින් නාවුක හමුදාව මගින් අත් අඩංගුවට ගැනුන මේ විශාල මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලිස් පරීක්ෂණ උනන්දුවකින් සිදු නොකරන බවද වාර්තා වේ.බුද්ධි තොරතුරු වාර්තා උචිත ආකාරයෙන් විමර්ෂනයට ලක් කෙරුවේ නම් මෙම මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක්ම මෙරටදී අත් අඩංගුවට ගැනීමට හැකි බව ආරක්ෂක අංශ වල කිහිප දෙනෙකුම අප වෙත පවසා සිටියහ.
ගාල්ල නාවුක හමුදාව මගින් අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගයට බාම් බන්දුගේ සම්බන්ධයක් ඇති බවට සැකයක් මතුවෙලා