ටිරාන් අලස් ගේ හා දේශබන්දුගේ තක්කඩි ගේමකට සම්බන්ධ වූ පොලිස් සැරයන් වරයෙකුට ජීවිතයෙන් සමුගන්නට සිඳු විය.දේශපාලඥයන්ගේ පාදඩ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සිය පොලිස් නිල ඇඳුමේ ගෞරවය පාවා දෙන කාලකණ්නියන්ගේ ඉරණම අවසානයේදිි ඉතා අවාසනාවන්ත වන බවට සිහිපත් කළ හැකි අතීත අත් දැකීම් ගැන පිටු ගණන් ලියන්නට පුළුවන.වැලිගමදී ඝාතනය වුන සැරයන් වරයාගේ දරු පවුල ගැන අපට අනුකම්පාවක් තිබේ.ඒ මන්ද යත් මොහුගේ අනීතික හා නිවට රාජකාරිය ඒ දරු පවුල හා කිසිම සම්බන්ධයක් නැති බැවිනි.ඔවුන් දන්නේ තමන්ගේ සැමියා හෝ ආදරණීය පියා පොලිස් සැරයන් වරයකු පමණක් වන බවය.
පොලිස් සැරයන් උපුල් කුමාර සේවය කෙරුවේ ටීඅයිඩී යනුවෙන් හැඳින්වෙන දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේය.
මේ පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වන්නේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාය.මොහු පොලිස් නිල ඇඳුම තුළ සැඟවී අනීතික බිහිසුණු අපරාධ වල නිරත වන අයකු බව දන්නෝ දනිති.මොහුත් වැබ පොලිස්පති දේශබන්දු අතරත් පවතින්නේ දීර්ඝ කාලීන තක්කඩි ජාවාරම්කාර සම්බන්ධතාවකි.මේ වන විටත් යුක්තියේ මෙහෙයුම නම් අපරාධ මර්ධන ක්‍රියාන්විතයට මුවා වී දෙමටගොඩ අපරාධ කොට්ඨාශය සිඳු කරන්නේ ටිරාන් අලස්ගේ හා දේශබන්දු ගේ යටි බිම්ගත පාතාල කොන්ත්‍රාත් බව වැලිගම සිද්ධියෙන් තහවුරු වේ.
සැරයන් උපුල් කුමාර ඒ පාදඩ මංකොල්ලකාරී අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය අයෙක් විය.කෙටියෙන් කියතොත් මොහු දේශබන්දු උසී උසී කියා ඇඟිල්ල දිගු කර පෙන්වන ඕනෑම අයකු හපා කා මරා දමන තරමේ පොලිස් වහලෙකි.
සැරයන් උපුල් කුමාරගේ රාජකාරි ඉතිහාසය.කලුය.දුර්වර්ණය.මෙලේච්ඡය.කොස්ගොඩ සුජීගෙන් දේශබන්දු විසින් ලබා ගත් කොන්ත්‍රාතුවකට අනුව කොස්ගොඩ තාරක ගේ ඔළුවට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ මේ සැරයන් උපුල් කුමාරය.පොලිස් පරීක්ෂක රංඟජීව විසින් මාකඳුරේ මදූෂ් වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ රංඟජීවගේ සහායකයා වූයේද මොහුය.මදූෂ් ඝාතනය වූ ස්ථානයේ තිබූ පලසර් වර්ගයේ යතුරු පැදියක් මේ ඝාතකයන් විසින් දමා ගොස් තිබුණි.එම ස්ථානයේ දමා යාම සඳහා පල්සර් යතුරු පැදිය සොරකම් කර ගෙනවිත් තිබුණේද මේ සැරයන් උපුල් කුමාරය.
අප පාතාලයන් කෙරෙහි අනුකම්පාවක් නොදක්වමු.ඔවුන්ට දඬුවම් දිය යුතුය
එහෙත් ඔවුන්ට ඒ දඬුවම් දිය යුත්තේ කැන්ගරු උසාවි තීන්දු අනුව නොවේ.
පාතාලයන් සමග එක පතේ කන්නේ බොන්නේ නිදි වදින්නේද පොලීසියේ දේශබන්දු වැන්නන්ය.අවසානයේදී ඔවුන් මරා දමන්නට කොන්ත්‍රාත් ගන්නේද දේශබන්දු හැඩයේ උන්මය. පොලීසියේ නීතියට රාජකාරි කරන්නන් පාතාලයන් අධිකරණ දඬුවමට යටත් කිරීමට කටයුතු කරනවා විනා අනීතිකව ඔවුන් ඝාතනය කරන්නේ නැත.
ඒ කෙසේ වෙතත් පොලීසියේ අනීතික රාජකාරි කළ වුන් බොහෝ දෙනෙකුට කර්ම විපාක පල දුන් බවට බොහෝ තොරතුරු තිබේ.මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳින වාස් ගුණවර්ධන හා ඡෙ.නි.පොලිස්පති ලලිත් ජයසිංහ ඒ පිළබඳව ඇස් පනා පිට තිබෙන සාක්ෂි වේ.මොරටුව ලුනාව පොලිස් බල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළ පොලිස් ස්ථානාධිපතිවරයා මරණ දඬුවමට ලක් වී වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී දියවැඩියාව නිසා පාදයක් කපා දහ දුක් විඳ සිර ගෙදර තුළදී මිය ගියේය.
සිය රාජකාරි කාලය තුළ රාජපක්ෂ පවුලේ ඕනෑ එපාකම් වෙනුවෙන් අනීතික ඝාතන වලට සම්බන්ධවූ ඡෙ.නි.පොලිස්පති අනුර සේනානායක හා හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය වැනි පාදඩයන් ජීවිතයෙන් සමුගත්තේ ආමාෂගත පිලිකා වැළඳී විඳවමිනි.පොලිස් ඉතිහාසය තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ දොඩම්පේ මුදලාලි සීඅයිඩියේ හතර වෙනි තට්ටුවේ සිට බිමට දමා ඝාතනය කරන ලදැයි චෝදනා ලද පොලිස් පරීක්ෂක රාහුල සිල්වා මියගියේ පොලිස් මූලස්ථානය අසල මානසික ආබාධිතයකු ලෙස හිඟා කමින් සිටියදී බව පැවසේ.
සැරයන් උපුල් කුමාර ගැන දුක්වෙන වැලපෙන සැමට අවසාන වශයෙන් අපට සඳහන් කරන්නට තියෙන්නේ බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇති බවය.
ඒ මෙසේය
” …කුසලා කුසල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ.සිත මුල් කොට ඇත්තාහ.සිතින්ම හට ගත්තාහ.ඉඳින් යමෙක් දූෂිත වූ සිතින් යමක් කියයි නම් හෝ කරයි නම් හෝ එයින් හට ගත් දුක් විපාකය බර උසුලාගෙන යන ගොනාගේ පියවර පිටුපසින් කැර කැවී එන රෝදය සෙයින් ඒ පුද්ගලයා පිටුපස දුක එයි…”
අප මෙසේ ලිව්වාට පන්නල අමිතානන්ද ලෙස සාසනයේ පැවිදිව සිට චීවරය හළ හීරලු දේශබන්දුට නම් මේ බුදු බණ තවමත් මතකයේ තියෙන්නට පුළුවන.