උණුසුම් පුවත් උණුසුම් පුවත්

වැලිගම සිඳු වූ පොලිස් ඝාතනය ටිරාන් ගේ හා දේශබන්දුගේ දාමරික කොන්ත්‍රාතුවක් නිසා සිදු වූවක් බව හෙළිවේ

Spread the love

හොඳ හොඳ සෙල්ලම් දකින්න ලැබෙන්නේ එළිවන ජාමටය කියා කියමනක් ජන වහරේ තියෙනවාය.

වැලිගම පොලිස් කේස් එකේ හොඳම හරියේ නිවුස් ටික එළියට එන්නේ දැන්ය.

දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් වැලිගම W 15 ට වෙඩි තබා පලා යන විට වැලිගම පොලීසියේ මුර සංචාරක රථයෙන් මදි ⁣නොකියන්න කෑ පුවත දැන් රට පුරා හැමදෙනාම දන්නා ප්‍රවෘත්තියකි

මේ සංචාරක හෝටලය ඌවේ ආණ්ඩුකාර මුසාමිල් ගේ පුත්‍රයා වන ජමල්දීන්ගේය.මේ ජමල්දීන් පහුගියදා ක්‍රීඩා ඇමතිකමෙන් නෙරපන ලද රොෂාන් රණසිංහ ගේ අඹ යාළු මිත්‍රයෙකි.රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටියදී පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙක් ලෙස ජමල්දීන් පත් කර තිබුණි.

ජමල්දීන් හා ටිරාන් අලස් අතර පැවතියේ නයි මුගටි ආරවුලකි.ඒ ජමල්දීන් පවුලට අයත් මල් පාරේ ඉඩමක් ටිරාන් අලස් මංකොල්ල කෑමේ උත්සාහයක් දැරූ නිසාය.මේ ආරවුල අධිකරණයට පවා ගිය ඉඩම් ආරවුලකි.

ටිරාන් අලස් තක්කඩි පාතාල ගේම් කාරයෙක් බව අප අනාවරණය කරන්නේ අද ඊයේ සිට නොවේ.මේ පාදඩ මැරයා ගේම් ගහන්නේ උණු වතුරත් නිවලා බොන සයිස් එකේය.රටේ පොලීසිය බාර ඇමතිකම ටිරාන් අලස්ට ලබා දීමට පොදු ජන පෙරමුණ ජනපතිවරයාට  නිර්දේශ කෙරුවේ මොහුගේ පැටිකිරිය දන්නා නිසා බව පැහැදිලිය.පොලීසිය බාර ඇමතිකමට පත් වූ ටිරාන් අලස් තමා සමීපය⁣ට ගත්තේ පොලීසියේම ඉන්නා පාදඩ මැර නොසන්ඩාලයන්ය.ඒ රැලේ අංක එක දේශබන්දුය.පොලීසියට බැඳුන දවසේ සිට තක්කඩි පාහරකම් කල දේශබන්දු ගේ පජාත කෙරුවාව හා ට්රාන් අලස් ගේ නොසන්ඩාල කෙරුවාව  ජාඩියට මූඩිය වාගේ සෙට් විය.

දේශබන්දු වැඩ බලන පොලිස්පති කමට ගෙන ආවේ ටිරාන් අලස්ය.ටිරාන් අලස් ඒ බව ප්‍රසිද්ධියේ පවසා තිබේ.⁣මේ ජෝඩුව මෙරට පාතාලය හා කුඩු ජාවාරම නැවැත්වීමට යුක්තියේ මෙහෙයුම නම් ක්‍රියාන්විතයක් ආරම්භ කෙරුවේ තමන්ගේ පෞද්ගලික ජඩ කම් හා ජාවාරම් වලට නීතිමය රැකවරණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි .යුක්තියේ මෙහෙයුමෙන් සිඳු කළ රාජකාරිය ජනතාවගේ හිතට දැනෙන සංවේදී ප්‍රශ්නයක් විය.ඒ මෙරට පාතාලය හා කුඩු ජාවාරමට එරෙහිවීමය.එහෙත් ජනතාව තුළ පැවැති ඒ සංවේදී බලාපොරොත්තුව ටිරාන් හා දේශබන්දු ඩබල  සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වූ ජාවාරම්කාර සූදුවක් බවට පත් කර ගනිමින් තිබුණි.මෙරට ජනතාවගේ වාසනාවට යුක්තියේ මෙහෙයුම  වැලිගමදී අතේ කෝට් වී ටිරාන් ගේ හා දේශබන්දු සැබෑ ස්වරූපය ජනතාවට දැක ගත හැකි විය.  

අප දිගින් දිගටම මේ පාදඩයන් දෙදෙනාගේ ජාවාරම් ගැන අනාවරණය කෙරුවද⁣ මෙරට ඇතැම් පිරිස් අප විශ්වාස නොකරන ලද බවද අපට මතකය.ඒ බොහෝ දෙනෙකු අපට චෝදනා කරන ලද්දේ අප මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ගනුදෙණු කරන බවය.දැන් මේ සෑම දෙනෙකුම ටි⁣රාන් ගේ දේශබන්දුගේ කෂඩ ක්‍රියාකාරකම් ගැන වටහා ගෙන ඇතැයි අපි සිතමු.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එක පතේ ලුණු කෑවේ ටිරාන් අලස් හා දේශබන්දුය.මේ වන විටත් නදුන් චින්තක ⁣නොහොත් හරක් කටා කුඩු ව්‍යාපාරයෙන් උපයා ගත් මුදල් බිලියන ගණන් මුදල් ටිරාන් ගේ සමාගමේ ආයෝජනය කරඇති බවට තොරතුරු ලැබී තිබේ.මේ තොරතුර පිළිබඳව පසුගිය ඉරිදා සන්⁣ඩේ ටයිම්ස් පුවත්පත හා ඉරිදා ලංකාදීපය වාර්තා කර තිබුණි.එම ප්‍රවෘත්ති වාර්තාවේ ටිරාන්ගේ නම සඳහන් නොවූවද එහි සඳහන් දේශපාලඥයා මොහු බව සීයයට සීයක්ම කැට තබා කිව හැකිය.ඒ අප සතුව එම තොරතුරු තිබෙන නිසාය.

ජනපතිවරයා මේ ඩබල ගැන නොදැන සිටියා නොවේ.යුක්තියේ මෙහෙයුම යොදා ගෙන සිඳු කළ යටි බිම් ගත ජාවාරම  ගැනද ජනපතිවරයා හොඳින් දැන සිටියේය.ඒත් ජනපතිවරයාගේ හා ඔහුගේ පාර්ශවයේ අපේක්ෂාව වී ඇත්තේ ඉදිරි දේශපාලන භූමිය බැරෑරුම් වුවහොත් මේ ජඩයන් දෙදෙනා යොදා ගනිමින්  විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් මර්ධනය කිරීමේ වැඩ පිළිවෙළකට යාමට බව සිතිය හැකිය.

⁣ටිරාන් හා දේශබන්දු දෙදෙනාට හිතූ මතේ අවලම් රාජකාරියේ නිරත වීමට ඉඩ හසර සළසා දී තමන්ට අවශ්‍ය අවස්ථාවේදී මොවුන් දෙදෙනා ප්‍රයෝජනයට ගත හැකි බවද ජනපතිවරයා ඇතුළු කණ්ඩායමේ අදහස වන්නටත් පුළුවන. 

⁣වැලිගමදී පොලිස් සංචාරක මුර රථයේ සිටි හමුදා භටයින් වෙඩි තැබීමෙන් මිය ගිය සැරයන් හා ඉන් තුවාල ලද පොලිස් උප පරීක්ෂක වරයා දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට අනුයුකත් නිළධාරීන්ය.මෙම අපරාධ කොට්ඨාශය බාරව සිටින්නේ සහකාර පොලිස් අධිකාරී⁣ නෙවිල් සිල්වා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ අපරාධකරුවෙකි.ටිරාන් හා දේශබන්දු මෙවැනි  අපරාධකරුවන් යොදා ගෙන සිටින්නේ තමන්ගේ පෞද්ගලික ජාවාරම්වලට පහසුව සඳහාය.

වැලිගම පොලිස් ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් සැරයන් වරයා වයස අවුරුදු 46 ක දරුවන් දෙනෛකු ගේ පියෙකි.දේශපාලකයන්ගේ මස් කටු ලොවමින් පොලීසියේ ගරු නම්බුව බල්ලාට දමන මෙවැනි පාදඩ පොලිස් කාරයන්ට ඉබේ හෝ දඬුවම් පැමිනෙන බව අනෙක් පොලිස් කාරයන්ද හිතට ගත්තේ නම් හොඳය.

මේ වන විට වැලිගම⁣ පොලිස් ප්‍රහාරය ගැන පොලිස් මාධ්‍ය ගිරා පෝතකයා වැල් බයිලා පවසමින් සිටී.මේ පොලිස් ගිරා පෝතකයා වමාරන දේ ප්‍රවෘත්ති විදියට හිතන කක්කා රිපෝටර්ලා  නිසා වැලිගම සිඳුවූ අපරාධය යටපත් වී යන්නටද ඉඩ තිබේ.

පොලිස් මාධ්‍ය ගිරාපෝතකයා පවසන විදිය⁣ට දෙමටගොඩ අපරාධ කොට්ඨා⁣ශයේ පොලිස් නිළධාරීන් වැලිගමට ගොස් ඇත්තේ හරක් කටා හා සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමටය.

එහිදී සිද්ධිය සිදුවූ හෝටලයේ සිටි පාතාලයන් පිරිසක්  අපරාධ කොට්ඨා⁣ශයේ පොලිස් නිළධාරීන් සිටි වෑන් රථය⁣ට වෙඩි තබා තිබේ.අපරාධ කොට්ඨාශයේ පොලිස් නිළධාරීන් එම ⁣වෙඩි ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.වැලිගම පොලිස් මුර සංචාරක රථය එම ස්ථානය⁣ට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.

දැන් පොලිස් ගිරා පෝතක මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් අපට අසන්න⁣ට ප්‍රශ්ණ ගණනාවක් තිබේ.

ඒවා මෙසේය.

 දෙමටගොඩ අපරාධ කොට්ඨා⁣ශයේ පොලිස් නිළධාරීන් පිරිස වැලිගම පොලිස් මුර සංචාරක රථය හඳුනා ගැනීමට නොහැකි තරමේ මන්ද බුද්ධිකයන් පිරිසක්ද .

එසේම කොළඹ සිට වැලිගම විශේෂ රාජකාරියකට පැමි⁣ණෙන බව එම පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපති වරයා දැනුවත් නොකරන ලද්දේ මක් නිසාද.

එවැනි විශේෂ රාජකාරියකට යන පොලිස් කණ්ඩායම් අදාල පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතු බවට හිටපු පොලිස්පති චක්‍රලේඛයක් මගින් නියෝග කර ඇති බව දන්නවාද.  

හිටපු පොලිස්පති ඉලංඟකෝන් විසින් මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට හේතු වූයේ මිරිහාන පොලිස් කණ්ඩායමක් බේරුවල පොලීසිය⁣ දැනුවත් කිරීමකින් තොරව එම පොලිස් බල ප්‍රදේශයේ  හොර හරක් වැටලීමකට ගොස් සිඳු කළ මනුෂ්‍ය ඝාතනයක් නිසා බව දන්නවාද 

බේරුවලදී සිඳුවූ  මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධිය වූයේද  එවකට එම පොලිස් දිසාව පාලනය කරන ලද ⁣වර්තමාන වැබ පොලිස්පති වරයාගේ අනු දැනුම හා අධීක්ෂණය යටතේ බව දන්නවාද

වැලිගම  පොලිස් මුර සංචාරක රථයෙන් වෙඩි තැබීම නිසා තුවාල ලද තම පොලිස් නිළධාරීන් ආසන්න රෝහළ වූ වැලිගම දිසා රෝහලට හෝ මාතර මහ රෝහලට ගෙන නොගියේ මන්ද 

තම වෑන් රථයේ පොලිස් නිළධාරීන්ට වෙඩ් තැබුවේ පොලිස් මුර සංචාරක රථයකින් බවට හඳුනා ගැනීමට එම වෑන් රථයේ සිටි කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකි වූයේ මන්ද

එසේ හඳුනා ගැනීමට නොහැකි වූයේ නම් තම වෑන් රථයට නන්නාඳුනන කණ්ඩායමක්⁣ වෙඩි තබන බව⁣ට වැලිගම පොලීසියට වෙනත් හදිසි පොලිස් පොලිස් ඇමතුම් අංශයට දැනුම් නුදුන්නේ මක් නිසාද

ඉමදූව ප්‍රවේශයේදී නතර කරගන්නා ලද කොළඹ අපරාධ කොට්ඨාශයේ වෑන් රථය හා එහි සිටි පොලිස් කණ්ඩායම මුදා හරින ලෙසට නියෝග කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා කවුද

කොළඹ අපරාධ කොට්ඨාශයේ වෑන් රථයට W 15 හෝටලයේ සිට යම් පාතාල පිරිසක් වෙඩි තැබූ බව ප්‍රකාශ කෙරුවද ⁣එම හෝටලයේ කාර්ය මණ්ඩලය එවැන්නක් සිදු නොවූ බවට හා එහි සීසීටීවී දර්ශන වලින් එවැන්නක් සිදු වී නැති  බවට තහවුරු වන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය⁣ට කියන්නට ඇත්තේ කුමක්ද

වැලිගම පොලිස් මුර සංචාරක රථයේ සිටි හමුදා නිළධාරීන් විසින් මෙම වෑන් රථයට වෙඩි තබන ලද බව පැවසේ.එය එසේවන්නේ නම් යුද හමුදාව මෙලෙස රාජකාරි සඳහා යොදවා ගැනීම සඳහා ජනපතිවරයා ගැසට් කර ති⁣බේද

මෙම W 15 හෝටලය හිම්කරු හා නීතිය හා සාමය අමාත්‍යංශය බාර ඇමතිවරයා අතර කොළඹ මල් පාරේ ඉඩමක හිමි කම සම්බන්ධයෙන්  ආරවුලක්  ඇති වූ තිබුණිද 

වැලිගම පොලිස් ඝාතනය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ පොලීසියේ කවර අංශයකින්ද හා එහි ප්‍රධානියා කවුද

මේ ප්‍රශ්ණ වලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතකයා පිළිතුරු දිය යුතුය.

එහෙත් දැන් මේ පොලිස් ගිරවා සිටින්නේ මුඛ පූට්ටු වෙලාය.අප⁣ට මේ ගැන කියන්නට තියෙන්නේ එකක් කඩතොලු වසා ගන්නට ගොස් දහක් කඩතොලු ඇති කර ගත් ඉඳුරුවේ ආචාරියා ගැන සිහිපත් කර ගත්තා නම් හොඳ බවය.  

ටිරාන් හා දේශබන්දු දැන් හැසිරෙන්නේ මෙරට පවතින අධිකරණය හා නීතිය    පඩයකට ගනන් නොගෙනය.ඒ බව බොහෝ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ද දනී.ඔවුන් සිටින්නේ දැලි පිහියෙන් කිරි කන අවදානමේය.වැඩේ වැරදුනොත් වැලිකඩ ජම්පර අඳින්නට සිදු වෙන බවද ඔවුන් දනී.එහෙත් ටිරාන් ගේ හා දේශබන්දුගේ මදාවිකාර තර්ජන වලට එරෙහිවන්නට තරමේ කොදු නාරටි ඒ කිසිවෙකුට නැත.එහෙම හිටියා නම් ඒ ශානි අබේසේකර රවි සෙනෙවිරත්න වැනි පොලිස් නිළධාරීන්ය.කරුමෙි කියන්නේ ඒ මිනිසුන් දැන් පැන්ෂන්ය. මේ ⁣පොලිස් කාර⁣යන්ගෙන් වැඩ ඉගෙන ගත් එකම පොලිස් කාරයෙක්වත් මේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැති වීම අපට පුදුමයකි.එහෙම එකෙක් හරි හිටියා නම් ටිරාන් ගේ හා දේශබන්දුගේ නීති විරෝධී මැරකම් වලට එරෙහිව  

මේ වන විට එලියට බසින්නට ඕනෑය.

මේ විගඩම් කරන්නට පුළුවන් තව මාස හයක් හතක් විතරය.මේ මාස හය හත  එළියට බැස හිඟා කන්නට පුළුවන් තරමේ හිත හයිය එක පොලිස් කාරයෙක්වත් සිටියේ නම් මේ මදාවියන්  පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයේ කක්කා ගාන්නෙත් නැත.

කෙසේ වෙතත් ටිරාන් අලස් හා දේශබන්දු ගේ මේ චන්ඩි උණ බහින දවස අත ළඟය. මේ දෙදෙනා ගේ මස් කටු ලොවින පොලිස් මහත්වරුන්ට එදාට අපට කියන්නට ඇත්තේ අනේ සොරි පුතා කියා විතරය.  



Spread the love

You may also like