Sun, 10 Dec at 22:00
හිටපු ජනපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි පවරන ලද නඩුවෙන් එවකට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පසුගියදා නිදහස් කරන ලදී.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපතිවරයා විසින් සිදු කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුවය.මෙහිදී නීතිපතිවරයා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ නාලක සිල්වා වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන්
ප්‍රමාණවත් සාක්ෂි නැති බවය.
නාමල් කුමාර නැමැත්තා විසින් මාධ්‍ය හමුවක් තබා එවකට ජනපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණයක නිරත වන බවට සිදු කළ ප්‍රකාශයක් නිසා නාලක සිල්වා අත් අඩංගුවට ගෙන නඩු පැවරිණි .ඒ වන විට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාස්කු දින ප්‍රහාරයේ මරා ගෙන මැරුණ සහරාන් හෂීම් අත් අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව පැවසේ.කෙසේ වෙතත් නාමල් කුමාර එවකට ජනපති මෛත්‍රීපාල සිරිිසේන මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමග ගනුදෙණු කළ රජයේ ඔත්තුකරුවකු ලෙස සිටි බවද අනාවරණය විය.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නඩුවෙන් නිදහස් වීමෙන් පසුව මේ වන විට පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ පිහිටුවා තිබේ.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ව්සින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ඉදිරිි පත් කළ නාමල් කුමාර නැමැත්තාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.එය මහත් විමතියට හා සැකයට ලක් වෙන හැසිරීමකි.නාලක සිල්වා යනු නීතිය නොදන්නා සාමාන්‍ය පුරවැසියෙක් නොවේ.ඔහු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.එය එසේවන්නේ නම් ඔහු නිදහස් වීමෙන් පසුව තමන් හිරේ විලංගුවේ දැමීමට තරමේ අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ පාර්ශවයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැන අප තුළ මතුවන සැකය කිසිවෙකුට ප්‍රශ්ණ කිරීමට බැරි තරමේ සාධාරණ සැකයකි.එම සැකය වඩාත් බරපතල හැඩයක් ගන්නේ පාස්කු ප්‍රහාරයේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ ඔහු නිසාය.
මෙහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත්තාදැයි අපට සිතේ.ඒ සහරාන් හෂීම් අත් අඩංගුවට ගැනීම වැලකීම හා පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන්ට එරෙහිව මතුවිය හැකි චෝදනා වලින් ගැලවීමය.එහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාස්කු බෝම්බ ප්‍රහාරය හා එම සැළසුම ක්‍රියාත්මක කළ පාර්ශවකරුවන් සමග සහ සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බවට අපට මතුවන සැකය සාධාරණය.එය එසේ නොවන්නටද පුළුවන.එහෙත් අපගේ සැකය පදනම් වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා කළ නාමල් කුමාරට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට නොයන බව පෙනෙන්ට ඇති නිසාය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව තවමත් නොවිසඳුන කළු කුහරයන් තිබේ.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත් අඩංගුවට පත් වීමේ සිද්ධියද ඒ අතරට එකතු කර ගත හැකිය.ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා දක්වන ප්‍රතික්‍රියාව තුළ සියල්ල පැහැදිලි වනු ඇත