උණුසුම් පුවත් වෙනත් උණුසුම් පුවත්

ක්‍රිකට් දූෂණ ගැන බෙරිහන් දුන් රොෂාන් මහවැලි ඉඩම් බෙදා දී ඇත්තේ මයි මෑන්ස්ලාට විතරයි

Spread the love

ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව වාර්තා වේ.අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනපතිවරයා විසින් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ලිපිය ඔහු හට බාර දුන් බව පැවසේ.මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රොෂාන් රණසිංහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස මහවැලි ඉඩම් සිය පෞද්ගලික හිතවතුන්ට බෙදා දී ඇත්තේ මන්දැයි ජනපතිවරයා ඔහුගෙන් ප්‍රශ්ණ කළ  බවද අනාවරණය වේ.

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මහවැලි ඉඩම් සිය හිතවතුන්ට බෙදා දීම සඳහා ඔහු විසින් සකස් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල නොවන ආකාරයට මාධ්‍ය වෙත නිකුත් කර ති⁣බේ. 

මහවැලි ඉඩම් බෙදා දීම සඳහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා නිර්දේශ කර තිබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජාතික ඔත්තු සේවාව යොදා ගනිමින් සකස් කරන ලද වාර්තාවක්ද එම අමත්‍ය මණ්ඩල පත්‍රිකාව සමග බෙදා හැරීමට ජනපති කාර්යාලයේ මාධ්‍ය අංශය කටයුතු කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය ධුරය සදහා හරීන් ප්‍රනාන්දු පත් කිරීමට නියමිත බවද ජනපති කාර්යාලීය ආරංචි මාර්ග වල සඳහන් වේ


Spread the love

You may also like