උණුසුම් පුවත් උණුසුම් පුවත්

සීඅයිඩී යේ හිටපු අධ්‍යක්ෂ ශානි පොලීසියේ ලොක්කන්ගෙන් කෝටි 100ක වන්දි ඉල්ලා නඩුවක් පවරලා

Spread the love

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා සිය ආත්ම ගෞරවය⁣ට සිඳුකළ හානිය වෙනුවෙන් 

රුපියල් කෝටි 100 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

එම නඩුවේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න

බස්නාහිර පළාත බාර  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා,එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත,සහ නීතිපතිවරයා නම් කර ති⁣බේ.

නීතිඥ මංජුල බාලසූරිය මගින් ගොනු කර ඇති මෙම නඩුව මගින් ශානි අබේසේකර ප්‍රකාශ කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිණි අවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේෂසහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිඳුකරන ලද බවය.හිටපු පොලිස්පතිවරයා හා බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වූන  බවද ඔහු එහිදී පෙන්වා දී ඇත.

මෙම විමර්ශන වලදී  කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙසට විවිධ පුද්ගලයන්ට බලපෑම් කරතිබූ බවත්,ඒ අනුව වග උත්තරකරුවන් තමන්ව අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් මාසගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත තමන් නිදහස් කෙරුණ බවත් ශානි අබේසේකර කියා තිබේ.

මෙම සිදුවීම හරහා වග උත්තරකරුවන්

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භවෙිතා කරමින් ද්වේෂ සහගත ලෙස තම ආත්ම ගරුත්වයට එල්ල කරන ලද අපකීර්තිය වෙනුවෙන් රුපියල්කෝටි 100 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් මෙම නඩුව ගොනු ඇති කර බව වැඩිදුරටත් වාර්තා වේ 


Spread the love

You may also like