උණුසුම් පුවත් උණුසුම් පුවත්

කරන්දෙණිය කඳවුරෙන් ටී පනස් හය සොරාගත් හමුදා බලලත් නිළධාරියා මෙරට ආන්දෝලනාත්මක නඩු දෙකක සැකකරුවෙක්

Spread the love

කරන්දෙණිය හමුදා කෘෂිකර්ම රෙජිමෙන්තුවේ ආයුද ගබඩාවෙන් අස්ථානගත වූ ටී පනස් හය අවිය හා පතොරම් තොගයක් එම කඳවුරේ සේවය කරන බලලත් නිළධාරියෙකු ගේ නිව⁣ස පිහිටි ඉඩමේ වල දමා තිබියදී පොලීසිය මගින් සොයාගෙන තිබේ.මෙහිදී අත්අඩංගුවට

ගන්නා ලද තැනැත්තා බටපොල කුරක්කන්දූව පදිංචි වීරරත්න නම් වන අයකු වේ. ඔහු හමුදා බුද්ධි බලකායට අයත් බලලත් නිළධාරියෙක් බව ලංකා දවසට අනාවරණය වී තිබේ.

වීරරත්න නම් වූ මෙම හමුදා බලලත් නිළධාරියා මාධ්‍යවේදීන් වන කීත් නොයාර්ට හා  උපාලි තෙන්නකෝන්ට පහරදීම් සම්බන්ධයෙන් අධිකරණ චෝදනා ලැබ දැනට ඇප මත මුදා හැර සිට්න්නෙකි.යුද හමුදාවේ බලලත් නිළධාරියකු යනු අවුරුදු විසිදෙකක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම යාම ආසන්නයේ සිටින අයෙකු වේ.⁣කරන්දෙණිය කෘෂි රෙජිමෙන්තුවේ ගිණි අවිය සොරකම් කරන ලද වීරරත්න නම් බලලත් නිළධාරියාද විශ්‍රාම යාමට නියමිතව සිටි බව දැන ගැන්මට තිබේ.එසේම මොහු බුද්ධි  බලකායේ රෙජිමෙන්තුවට අයත් සෙබලෙකු වන නමුත් කෘෂි රෙජිමෙන්තුවට සේවයේ යෙදවූයේ කවර කාරණ⁣යක් උදෙසාද යන්න පැහැදිලි නැත.බුද්ධි බලකායේ රෙජිමෙන්තු මූලස්ථානය පිහිටියේද මෙම හමුදා කෘෂි කර්ම ඒකකයට ඉතා ආසන්නවය. බුද්ධි බලකාය මෙලෙස  තම රෙජිමෙන්මෙන්තුවට අයත් මෙම බලලත් නිළධාරියා වෙනත් සැක කටයුතු කාර්යයක යෙදවීමේ අපේක්ෂාවෙන් කෘෂි කර්ම රෙජිමෙන්තුවට අනුයක්ත කර සිටි බවට සැකයක් මතුවේ.

ඒ අතරේම විශ්‍රාම යාමට නියමිත හමුදාවේ අත් දැකීම් බහුල බලලත් නිළධාරියකු ටී පනස් හය වැනි ගිණි අවියක් සොරකම් කිරීමද ප්‍රශ්ණ සහගතය.ඒ ප්‍රශ්ණය තවත් බරපතල වන්නේ මේ සැකකරු මෙරට ආන්දෝලනාත්මක නඩු දෙකක විත්තිකරු වන නිසාය.

කරන්දෙණිය හමුදා කඳවුරෙන් ටී පනස් හය ගිණි අවියක් අතුරුදන් වූ බවත් එසේ අතුරුදන් වූ ගිණි අවිය එම කඳවුරේම සේවය කළ බලලත්  නිළධාරියකු සන්තකයේ තිබී අත් අඩංඟුවට ගත් බවත් පමණක් මෙරට මාධ්‍ය වාර්තා කෙරුවද එම සැකකරු ගේ පෙර වැරදි කිසිවක් අනාවරණය නොකෙරිණි.මෙම සැකකරු අත් අඩංගුවට ගත් පොලීසියද එම තොරතුරු පිළිබඳව කිසිවක් නොදන්නා බවට ලංකා දවස සිඳු කළ ගවේෂණ⁣යේදී හෙළි විය. 


Spread the love

You may also like