උණුසුම් පුවත් උණුසුම් පුවත්

සොරි සොරි ජැකා – පුතා අවමඟුලත් හෑවා

Spread the love

ජැක්සන් ඇන්තනී නොහොත් පනා පුත්‍ර  කුහුඹු පැණියා ඊයේ (12)දැයෙන් සමුගත්තේය.හිස් පඩික්කම් බැබලෙන මෙරට කලා ක්⁣ෂේත්‍රයේ බොහෝ උන් අතරින්  යම්තාක් දුරට දැනුවත් කමින් ඔහු ඉහළට එසවී තිබුණි.ඓතිහාසික කතන්දර ඇසුරෙන් ඔහු නිර්මාණය කරන ලද ඇතැම් චිත්‍රපට වල පට්ට බොරු සමාජගත කෙරිණි.එහෙත් දැනුමෙන් සන්නද්ධ නොවූ සමාජයකට ඒ චිත්‍රපට ආයිස් අප්පා මරු පික්චර් වීම පුදුමයක් නොවේ.කොලොන්නේ සිට මැද මුලනට ආ  මාටින් නම් ගොපොල්ලා ගෙන් ඇරඹුන රාජපක්ෂගේ පරපුර ශාක්‍ය වංශය හා ගැලපීමද ජැකාගේ භාවිතය සමාජ දේශපාලනය තුළ ප්‍රශ්ණ කෙරෙන්නක් විය.ජැක්සන් නිර්මාණය කළ අමුතු ජාතියේ ශාක්‍ය වංශයට සිය දෝනියන්දෑ දීමට හිතේ තියාගෙන සිටි හන්දා එහෙම කියවුනා වෙන්නත් පුළුවන.ඒ දීගය හබක් වීමේ ප්‍රතිඵළය දැක ගත හැකි වූයේ දේශපාලඥයන් තොග ගානට ජැක්සන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණියද බබා නාමල් නොපැමිණීමය.

ජැක්සන්ගේ පවුලේ වුන් පරණ කෝන්තර පිරිමහන්නට කෝමත් දක්ෂය.එක අවස්ථාවක ජැක්සන්ගේ අඹුව ජාතික ජන බලවේගයේ නායකයාට මුහුණු පොතෙහි පෝස්ටුවක් දමා අපහාස කර තිබුණේ පුංචි අම්මලාගේ ලපයා යනුවෙන් හඳුන්වමිනි.අප ඒ දිනවදීම ඒ උන්දෑට පිළිතුරු සපයන ලද්දේ ජාතික ජන බලවේගයේ නායකයා විවාහ  වී සිටින්නේ යුද්ධයේදී මියගිය සිය ඥාති සහෝදරයකු ගේ බිරිඳ බව අප දන්නා නිසාය.ජැක්සන් ගේ කොහේවත් ලපයක් නැද්දයි අපි එදා උන්දෑගෙන් ප්‍රශ්ණ කෙරුවෙමු. මේවා රාජපක්ෂ වන්දනා  දේශපාලනයේ ඇරියස්ය.

පනා පුත්‍රගේ මතක වස්තුව නම් ජැක්සන් ඇන්තනී ලියන ලද පොතක් තිබේ.එහි 177 වෙනි පිටුවේ තැනක මේ විදියට සැමරුම් කයිවාරුවකි

“…..ආර.ප්‍රේමදාස ජනපති තුමන් හිසට සෙවනක් හිතට නිවනක් සංකල්පය යටතේ මේ රටේ පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්ණයට අත ගසා තිබුණේය.එහෙත් දෝෂාභියෝගය හමුවේ ඔහුට සිඳු වූයේ කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවාට වූ දෙය යැයි පනා පුත්‍රට සිහි වී තිබුණි.දෝෂාභියෝගය යෙදී තිබූ සනිදාවක මම ආයුබෝවන් සාලයේ ඉඳ සිටියෙමි.ඊළඟට යෙදී ඇත්තේ වුඩ් වුඩ් පෙකර් කාටුන් වැඩ සටහනකි.මම එය මෙසේ  හැඳින්වූයෙමි.

ඊළඟට තියෙන්නෙ කොට්ටෝරුවගේ කතාව කොට්ටෝරුවා කියන්නේ සෙසු පක්ෂීන්ගේ නිවාස ප්‍රශ්ණෙ විසඳන කෙනා .ඉතිං එයා ගහට කොටනවා.හැබැයි කොට්ටෝරුවා කොටලා කොටලා කෙහෙල්ගහට කොටපු දාට එයාගෙ හොට පැටලෙනවා.දැං බලමු වුඩ් වුඩ් පෙකර්.

වුඩ් වුඩ් පෙකර් විකාශනය වෙයි.ජනක මල්ලිමාරච්චි චිත්‍රාගාරයට දිව ආවේය.

මොනවද යකෝ කියවන්නෙ

ඇයි මං කිව්වෙ කොට්ටෝරුවා ගැනනේ.

කමක් නෑ මරු එකට ගියා ඒක.හැබැයි  පුතෝ පරිස්සමෙන්…..

එහෙත් පනා පුත්‍රට කැපිල්ලක් ආවේ නැත.

දැන් අපි ආපහු යන්නේ ජැක්සන් ගේ භූමදානය දවසේ තිබුණ අවමංඟල්‍ය සභාව තිබුණ තැනටය.එහිදී ස්තූති කතාව කෙරුවේ ජැක්සන් ගේ බාල පුත්‍රයාය.

සාමාන්‍යයෙන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඉලව් ගෙදරකදී ඇරියස් කවර් කර ගන්න යන්නේ නැත.පටිට හතුරෙකුගේ මල ගෙදරකදී වුවද දුක සෝකය බෙදා හදා ගන්නා ජාතියේ මිනිසුන්ය අප.ජැක්සන් ක්‍රිස්තියානිකාරයන්ය.එහෙත් ජැක්සන් ගේ ඔවුන්ගේ පවුලේ අයවළුන් සිංහල බෞද්ධ  සංස්කෘතිය තුල ජීවත් වෙන අයවළුන් බවට  පොදු මහා සමාජයේ සිතීම විය.ජැක්සන් ගේ දරුවන් ඔහු ඇමතුවේ අප්පච්චී කියාය.අප්පච්චිලා සිටියේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළය.ක්‍රිස්ත්‍රියානි පවුල් සංස්ථාව තුළ අප්පච්චිලා නැතුවා මෙන්ම  එහෙම ඇමතීමක්ද නැත.

ඉතින් එවැනි හික්මීමක් පැවති පවුලක දරුවකු වන ජැක්සන් ගේ බාල පුත්‍රයා අවමංඟල්‍ය සභාවට ගූ බාල්දියක් ඉස්සේය.ඒ තමන්ගේ අප්පච්චී වාට්ටුවේ හිටියේ පවුලේ අය වාට්ටුවට දුන් වෙනටිලේටරයේ පිහිටෙන් බවත් එහෙත් ඒ ගැන නොදැන තම පවුලේ අයට විවේචන කළ අයට දැන් වාට්ටුවේ ඇඳක් හිස්ව ඇති බව පවසමිනි.

මේ කතාව වෛරය හා කේන්තිය පිරුණු ඇරියස් කවර් කිරීමකි.

දැන් සමාජ මාධ්‍ය පුරා ඔහුගේ වෙන්ටිලේටර කයිවාරුව පැතිරී යමින් තිබේ.ඔහුගේ එම කයිවාරුවේ අවසාන කෙළවර තුළ වූ අදහස ලෙස සැළකිය හැක්කේ තමන් තම පවුලේ නිර්දෝශී බව සමාජයට කියා පෑම විය හැකිය.

අප ඒ ගැන වරදක් දකින්නේ නැත.ඕනෑම මිනිසකු රෝගාතුරව අසාධ්‍යව සිටින තමන්ගේ ආදරණීය සමීපතමයා එක තත්පරයක් හෝ ජීවත්වෙනවා දකින්නට කැමතිය.ඒ බැඳීම හා සිතීම වෙනස් කරන්නට සමාජය⁣ට නොහැකිය.

එහෙත් ජැක්සන් ගේ බාල පුත්‍රයා හැදුවේ සිය හෘද සාක්ෂිය තුළ පැවතුන කේන්තිය හා වෛරය අවමංඟල්‍ය සභාව තුළ පිට කර තම පවුලේ සිවිල් බලය සමාජයට මුදා හරින්ටය.

ඔහුගේ ඒ අපේක්ෂාව හැරෙන තැපෑලෙන් කඩා බිඳ දමන්නට එක්තරා සමාගමක ⁣සේවකයකු මැදිහත් වී තිබේ.

ඔහු මුහුනු පොතේ පෝස්ටුවක් දමමින් සඳහන් කර ඇත්තේ ජැක්සන් ඇන්තනී ගේ සිනමාවේදී පෞරෂයට ගරු කිරීමක් ලෙස වෙන්ටිලේටරයක් වාට්ටුවට ප්‍රදානය කරන ලද්දේ සිය සමාගම මගින් බවය.

අපට ලියන්නට ඇත්තේ එච්චරය.


Spread the love

You may also like